මොකක්ද මේ Technophobia කියන්නේ No ratings yet.


මොකක්ද මේ Technophobia  කියන්නේ? 

Technophobia හෙවත් තාක්ෂණික භීතිකාව කියන්නේ තාක්ෂණික ලෝකයේ ජීවත්වෙන මිනිස්සු තාක්ෂණය  කෙරෙහි දක්වන සෘණාත්මක ආකල්වල  එකතුවක්. තවත් විස්තර කරලා කියනවනම් නව තාක්ෂනය සහ තාක්ෂණික උපකරණ විශේෂයෙන්ම පරිඝණක බාවිතා කිරීමට දක්වන බිය සහ අකමැත්ත technophobia යනුවෙන් හදුන්වනවා. පරිඝණක, ස්මාර්ට් දුරකථන, ATM යන්ත්‍ වගේ තාක්ෂණික උපාංග කරලියට එන්නේ අපේ එදිනෙදා ජීවිතේ කටුතු පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටු කිරීම අරමුණු කරගෙන. එක එක පුද්ගලයාගේ අධ්‍යාපන මට්ටම, මානසික සුවතාව සහ යහපැවැත්ම යන කරුණු  මත නව තාක්ෂණය කෙරෙහි දක්වන බිය සහ අකමැත්ත පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා. Technophobia වල අහිතකර ප්‍රතිපල ලෙස තාක්ෂණික දැනුම සිමා වීම, අනවශ්‍ය ලෙස කාලය අපතේ යාම, ආර්ථික වර්ධනය මන්දගාමී වීම වගේ කරුණු වලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා.

සමාජයේ ජීවත්වන විවිධ පරම්පරාවන් තාක්ෂණය පිළිබද දක්වන උනන්දුව, ආකල්ප සහ තාක්ෂණික භිතිකා මට්ටම එකෙනෙකට වෙනස්. එහි ප්‍රතිපලයක් විදියට 1946 සහ 1964  උපත ලද “Baby boomers” පරම්පරාව නව තාක්ෂණය කෙරෙහි ඉතා ඉහල අකමැත්තක් සහ බියක් පෙන්නුම් කරන අතර දෙවන පරම්පරාව වන 1965 සහ 1980 අතර උපත ලද “X” පරම්පරාව අරමුණු ලග කර ගැනීම උදෙසා 45% වගේ සාමාන්‍ය ප්‍රමාණයක් තාක්ෂණික උපාංග භාවිතා කරනවා දකින්න පුළුවන්. ඒ පරම්පරා දෙකේ technophobia මට්ටම ඉහල නමුත් වර්තමාන තරුණ පරම්පරාව වන “Y” පරම්පරාව Laptop, Tablet, Smartphone වැනි තාක්ෂණික උපාංග භාවිත කිරීමටත් විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවිඩ සේවා භාවිත කිරීමට සහ සමාජ ජාල තුල සැරිසැරීමට ඉතා ඉහල කැමත්තක් දක්වනවා. මේ විදියට විවිධ මට්ටම් වලින් technophobia ඇති වෙන්න විවිධ හේතුන් බලපාන බව සොයා ගෙන තියනවා.

Technophobia අදුනගන්න පුළුවන්ද?

තාක්ෂණය  සහ තාක්ෂණික උපාංග කෙරෙහි පවතින බිය 

 තාක්ෂණික උපකරණ සමග පවතින දුරස්ථ බව නිසා ඒවා භාවිත කිරීමට බියක් දැක්වීම සමාජයේ විවිධ පුද්ගලයන් අතර දක්නට පුළුවන්.

වෙනස්වීමට ඇති අකමැත්ත 

ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ දකින්න පුලුවන් වෙන්නේ වැඩිහිටි පරම්පරාව අතර. සාම්ප්‍රධායික රාමුවෙන් ඔබ්බට ගොස් තාක්ෂණය සමග කටුතු කිරීමේදී තමන්ගේ රැකියාවට, සමාජ තත්වයට, මුදල්වලට  අනතුරක සිදු වෙයි පවතින අහේතුක බිය නිසා මිනිසුන් තාක්ෂණික උපාංග භාවිතයට සහ සාම්ප්‍රධායෙන් වෙනස් වී නව තාක්ෂනය සමග මුහු වීමට අකමැත්තක් දක්වනවා.

ස්වයංක්‍රිය ක්‍රියාවලින්ට ප්‍රතිරෝදය දැක්වීම 

උදාහරණයක් විදියට ATM යන්ත්‍රය හරහා මුදල් නැතුව මුදල් අයකැමි වෙත ගොස්   සේවාවන් ලබා ගැනීමට කැමැත්තක් දක්වනවා. පෝලිමේ ටිකක් රස්තියාදු උනත්  technophobia වල ප්‍රතිපලයක් විදියට අපි මේ වගේ දේවල් කරනවා. 

සම්ප්‍රධායක ක්‍රමයන්ගෙන් තාක්ෂණික ක්‍රමයන්ට වෙනස් වීම විවේචනය කිරිම 

ඒ කියන්නේ රැකියා ඉස්ථානයේ කටයුතු පරිඝණක ගත කිරීමට විරුද්ධ වීම වගේ දේවල් technophobia වල ප්‍රතිපලයක් වෙන්න පුළුවන්.

තාක්ෂණික දැනුම ලබා ගැනීමට ඇති අකමැත්ත.

තාක්ෂණික උපාංග අපේ වැඩ කටයුතු පහසු කලාට ඒ ගැන වැඩි උනන්දුවක් නැති කෙනෙක්ට ඒවා භාවිත කරන හැටි ඉගෙන ගන්න එක ටිකක් අමාරු 
වැඩක් ඒ නිසා මිනිස්සු ඒ වෙනුවෙන් අමතර ශ්‍රමයක් වැය කරන්න ටිකක් විතර කම්මැලියි.

තාක්ෂණික භීතිකාව technophobia නැති කරන්න අපිට මොනාද කරන්න පුළුවන්?

උත්සාහය

ඒ කියන්නේ බය වෙන්නේ නැතුව ඔබ ලග තියන තාක්ෂණික උපාංග භාවිත කරන්න. ඒවගේ තියන වැඩසටහන් හොදින් ගවේෂණය කරලා තනියම වේද කරන්න උත්සහ කරන්න පුලුවන්.

අනිත් අයගෙන් උදව් ගන්න

ලැජ්ජාවයි ආඩම්බරකමයි පැත්තකින් තියල තමන්ට තනියෙන් වටහ ගන්න බැරි තාක්ෂණික කරුණු දන්නා කෙනෙක්ගෙන් අහල දැන ගන්න පුළුවන්. ඒවගේම පරිඝණක භාවිතය ඉගෙන ගන්න පාටමාලාවක්  කරල උපදේශකයන්ගෙන් උදව් ගන්නත් පුළුවන්

පුහුණුවක් ලබා ගැනීම.

මේ විදියට මිනිස්සු තාක්ෂනය වැළද ගැනීමට තියන අකමැත්ත technophobia ලෙස සර්ළව නිර්වචණය කරන්න පුලිවන්.නමුත් දැනට සිටින පරම්පරාව නම් කිසි දු අකමැත්තකින් තොරව නව තාක්ශණයන්ට ඇබ්බැහි වී තියනවා. “Baby boomers” පරම්පරාව තාක්ෂණයට  බිය වීම නිසා එවැනි පුද්ගලයන් දරන නව තාක්ෂනයන් පිළිබදව දක්වන සෘනාත්මක ආකළ්ප වලට technophobiaලෙස හැදුන්වුව ද වත්මන පරම්පරාව මේම තාක්ෂණයෙන් ගළවා ගැනීමට මේ වන විට වෙනම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඔබත් කවරෙකු ද?.පල්ලෙහා කමෙන්ට් සෙක්ශන් එකෙන් අපි කතා  කරමු.එහෙනම් හැමෝටම ජය අපි අපේ ඊගාව ලිපියෙන් හමු වෙමු.

Please rate this


Like it? Share with your friends!

Tweet.lk

තාක්ෂනය කියන්නේ දිනෙන් දින අලුත් වන දෙයක්. විවිධ පැතිකඩ ඔස්සේ යාවත්කාලින තොරතුරු ඔබට පළමුවෙන් ම සහ ඉතා විස්තරාත්මකව සිංහලෙන්ම ලබා දෙන වෙබ් අඩවියකි.

0 Comments

Your email address will not be published. Required fields are marked *