සයිබර් අවකාශය තුළ ආරක්ශා වෙමු 4.25/5 (4)


1
24 shares, 1 point

සයිබර් අවකාශය තුළ ආරක්ශා වෙමු

සයිබර් අවකාශය යනු දිගක් ,පළලක් නොදන්නා විද්‍යුත් ලෝකයකි.ලොව ඇති සෑම වෙබ් අඩවියක්ම සයිබර් අවසකාශයේ තවත් කොටසකි. අප දැක නැති  මුහුන දී නැති බොහෝ පුද්ගලයන් අපට මෙම සයිබර් අවකාශය හරහා මුණගැසෙනවා.ලොව සෑම පුද්ගලයෙක්ම අන්තර්ජාලය එදිනෙ දා කටයුතු සදහා භාවිතා කරනවා.මේ හරහා වෙළදාම්,සන්නිවේදනය,තාක්ශණික,සේවා…විවිධ පුළුල් සෙවා පරාසයන් මෙන්ම සෙවා ලබා ගන්නන් පවා සිටිනවා.යම් අවස්ථා වල දී අප කිසි දා දැක නැති පුද්ගලයන් සයිබර් අවකාශය හරහා අපට විශ්වාස කිරීමට සිදු වනවා.තව දුරටත් සදහන් කළොත් අන්තර්ජාලය අපරාධ  කටයුතු සදහා භාවිතා කරන හැකර්වරුන් ද සිටින නිසා මා මෙන් ම ඔබ ද සයිබර් අවකාශය තුළ ආරක්ෂා කාරි වීම අතිශය වැදගත් කරුණක් වේ.

Update your Operating system and Software=මෙහෙයුම් පද්ධතිය සහ මෘදුකාන්ග යාවත්කාලින කරන්න

ශ්‍රී ලන්කාවෙ පරිඝනක භාව්තා කරන්නන්ගෙන් 90% ක් පමන භාවිතා කරන්නේ Windows  මෙහෙයුම් පද්ධතියක්(XP,vista,7,8,8.1,10).වැදගත්ම දේ තමයි ඔයාල භාවිතා කරන Os එක යාවත්කාලීන කරලා තියාගන්න එක.2017  ෆෙබරවාරී මාසෙයෙ රැන්සම්වෙයාර් නමින් වයිරස් එකකට ලොව ප්‍රමුඹ පෙලෙ රටවල්  මුහුන දුන්නා.මෙයින් පරිඝනක වල ඇති දත්ත හැකර්වරුන් විසින් Encrypt කළ අතර එවා නැවත Decrypt කිරීම සදහා විශාල මුදලක්ද ඉල්ලා සිටියා.ඔවුන් මෙය නිර්මාණය කලේ වින්ඩොස් මෙහෙයුම් පද්ධතීයේ ඇති දුර්වලතා හදුනාගනිමින් වීම ද තවත් විශේෂ කරුණක්.එම නිසා  ඔබගෙ පරිඝනකයේ මෙහෙයුම් පද්ධතිය මෙන්ම මෘදුකාන්ග ද යාවත්කාලින කර ගැනීම අතිශය වැදගත් කරුණක්.

Virus Guard භාවිතා කරන්න

Virus Guard එකක් භාවිතා කිරීම මෙතනදී හුගක් වැදගත්.අපි අන්තර්ජාලය භාවිතා කරනා විට නොයෙකුත් Virus පරිඝනකයට ඇතුළු වෙන්න පුලුවන්.ඒ විතරක් නෙවෙයි විවිධ ඔත්තු බැලීමෙ මෘදුකාන්ග ද අපගේ අවසරයකින් තොරව පරිඝනකයට ඇතුළු වීමේ හැකියාව ද තියනවා.එවැනි ගැටළු වලට මුහුන දීමට පෙර ඔබගේ පරිඝනකට විශ්වාසනීය Virus Guard එකක් Install කර ගැනීම වැදගත් වේ.

Phishing වලින් ආරක්ශාකාරි වන්න,

අප අන්තර්ජාලය තුල සැරිසරන විට අපගේ  තොරතුරු ගැනීමට උත්සහ කරන තවත් පිරිසක් සිටි.එවැනි අවස්ථා වල ඔබට Phishing පිළිබදව අවබෝධයක් නොමැති නම් ඔබ එයට හසු වීමට ඉඩ ඇත.

උදාහරණයක් ලෙස ඔබගේ යහලුවෙක් ඔබට ඔබගේ ෆේස්බුක් ගිනුමට ලොග් වීමට Phishing වෙබ් අඩවියක ලින්කුවක් දුන්නා යැයි සිතන්න.ෆේස්බුක් වෙබ් අඩවියටම සමානම අතුරු මුහුනතක් මෙහි ඇත.නමුත් මෙහි වෙබ් ලිපිනය (URL)  Facebook.com නොවේ.වෙනත් වෙබ් ලිපිනයක් විය හැකිය ඔබ මේ පිලිබදව නොදැනුවත් කමින් එම ලින්කුව හරහා මුහුනු පොතට ලොග් වුවහොත්  ඔබගේ Username සහ Password ඉහත සදහන් කල ඔබගේ යහලුවා අතට මොහොහකින් පත් වනු ඇත.

ෆේස්බුක් සදහාම පමනක් නොව Online payment වල දී ඔබගේ ක්‍රෙඩිට්,ඩිබෙට් කාර් පත් වල විස්තර දීමේ දී ද සැලකිලිමත් වන්න.

ආරක්ෂාකාරි මුරපදයක් භාවිතා කරන්න,

බොහෝ පුද්ගලයන් පුරුදුව සිටින්නෙ ඔනෑම ගිනුමක් විවෘත කිරීමේදී මුරපදය සදහා තමන්ගේ උපන් දිනය හෝ තමගේ නම භාවිතා කිරීමටයි.නමුත් වර්ථමානය තුළ එය හුදෙක් ප්‍රායොගික නොවේ.ඔබ ගැන හොදටම දන්නා යහලුවෙක් ඔබගේ  උපන්දිනය හා ඔබගේ Email ලිපිනය සන්සන්දනය කලහොත්  ඔහුට ඔබගේ ගිනුමට ලොග් වීමට හැකියාව ඇත.ඔබ සැම සමාජජාලා වෙබ් අඩවියකටම එය භාවිතා කර ඇත්නම් ඔබහේ සෑම ගිනුමකම පුද්ගලික විසතර ඔහු අතට යා හැකිය.මුරපදයක් යොදන විට ඒ සදහා  ඉන්ග්‍රීසි අකුරි,අන්ක,Character භාවිතා කරන්න.එය වඩාත් සුරක්ශාකාරි වනු ඇත.

සමාජ ජාල ගිනුම් ඇතුළු අනෙකුත් ගිනුම් සදහා 2 Factor verification  පහසුකම ඇතුළත් කර ගන්න,

2 Step Verification කියන්නේ ඔයාගෙ  ගිනුමකට ලොග් වීමේ දී එම වෙබ් අඩවිය විසින් පරිශීලකයාගේ ආරක්ෂාව සදහා ලබා දී ඇති ආරක්ශිත යෙදුමක්.මෙතන දී සිදු වන්නෙ අදාල ගිනුම් හිමියා ගිනුමට ලොග් වීමේ දී ඔහුගේ දුරකථනයට හෝ Email ,Tap on Screen පහසුකම ලාබා දී එම පරිශීලකයා ගිනුමේ සැබෑ  අයිතිකරුදැයි හදුනා ගැනීමයි.මෙය වඩාත් ආරක්ශා කාරි පියවරක් වන අතර බොහෝ පුද්ගලයන් මෙම 2 Factors Verification පහසුකම ලබා ගනි.

නොදන්නා Application Install කර ගැනීමෙන් වලකින්න.,

සයිබර් ආරක්ෂාව පිළිබද නොසැලලිළිමත් වන බොහෝ පුද්ගලයන් තවත් පුද්ගලයෙකු විසින් ලබා දෙන ඇප් එකක් තමන්ගේ දුරක්ථනයේ Install කිරීමට දෙවතාවක් නොසිතයි.යම් අවස්ථාවල දී එම ඇප් ඔබගේ දුරකථනයට හානි කර එවා මෙන්ම ඔබගේ දුරකථනයේ ඇති පුද්ගලික දත්ත සොරා ගැනීමට හැකී ඇප්ලිකේශන් එකක් විය හැකිය.තවත් පිරිසක් මිළදී ගැනීමට ඇති ඇප්ලිකේශන් විවිධ ස්තාන වලින් නොමිලේ  වන්චා සහගත ලෙස බාගත කර ගනී.නමුත් ඔබ නොදැනුවත්ව  එම ඇප් මගින් ඔබගේ දුරකථනයේ ඇති සියලු දත්ත සොරා ගැනීමට හැකිය.ඔබ නොදන්නා ඇප් කිසිදු සෙවීමකින් තොරව ඔබගේ දුරකථනයේ Install කර ගැනීමෙන් වලකින්න.

ගනුදෙනු වල දී සැලකිළිමත් වන්න,

වැඩිදුර කියවීමට=ශ්‍රී ලන්කාවේ ජනප්‍රියතම ඩිජිටල් මුදල් තැන්පතු 05 ක්

ඔබ නොදන්නා වෙබ් අඩවි සදහා ඔබගේ ක්‍රෙඩිට්,ඩෙබිට් කාර්ඩ් විස්තර ඇතුළත් නොකරන්න.පසු ගිය දිනවල අන්තර්ජාල තුළ පහත සදහන් ලෙස Spam වෙබ් අඩවියක් දිස් විය.

එමගින් පරිශිළකයාට පවසන්නේ ඔබට දුරකථනයක්  හෝ වටිනා මුදළක් හෝ ඇදී ඇති බවයි.ඒය ලබා ගැනීමට නම් $10ක මුදලක් Online ගෙවිය යුතු බව ද සදහන් වෙනවා.පරිශීලකයාගේ නොදැනුවත් කමින් ඔහු ඒ සදහා online payment කලහොත් අපි නොදන්නා තුන්වන පාර්ශවයේ පුද්ගලයකුට අපගේ ක්‍රෙඩිට්,ඩිබෙට් කාර්ඩ් විස්තර පත්වනු ඇත.එපමනක් නොව $10 ට වඩා ඔබගේ ගිනුමෙන් කැපෙනු ඇත.

එම නිසා අන්තර්ජාලය හරහා නොදන්නා වෙබ් අඩවි මෙන්ම නොදන්නා පුද්ගලයන් හරහා ගනුදෙනු කිරීම් වලදීද ඔබගේ අරක්ශාව ගැන සැලකිලිමත් වන්න.

වෙබ් ලිපිනය මෙන්ම HTTPS ගැනද සැලකිලිමත් වන්න,

ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔබ ඇතුළු වන්නේ ඔබ ඇතුළු වීමට අවශ්‍ය වෙබ් අඩවියට ද යන්න දැනගත යුතුය.එම නිසා වෙබ් ලිපිනය ගැන ද අවධානයෙන් සිටින්න.ඔබ පිවිසෙන්නෙ HTTPS නොමැති වෙබ් අඩවියකට නම් එය අනාරක්ශිත වෙබ් අඩවියක් හැක.ඔබ Online ගනුදෙනුවෙක් එවැනි වෙබ් අඩදියක් සමග සිදු කරනවා නම් එය බොහෝ විට අනාරක්ශිත විය හැක.

Public WiFi,

ඔබ දන්නවා ද?

Public WiFi හෝ ඔබ නොදන්නා ස්ථානයක Wifi  ජාලයකට ඔබ ඇතුළත් වූයේ නම් ඒ හරහා තුන්වන පාර්ශවයේ පුද්ගලයෙකුට ඔබගේ පරිඝනකය හෝ දුරකථනය ඇතුළු වී ඔබගේ උපාන්ගයේ ඇති පුද්ගලික දත්ත සොරකම් කළ හැකි බව,

Public හෝ ඔබ නොදන්නා ස්ථානයක WiFi ජාලයකට ඇතුළු වනවා නම් ඒ සදහා විශ්වාසවන්ත VPN එකක් භාවිතා කරන්න.

බාගත කිරීම් වලදී පරිස්සම් වන්න,

ඔබගේ පරිඝනකය සදහා ඔබට යම් කිසි මෘදුකාන්ගක්  බාගත කිරීමට අවශ්‍ය වූවා යැයි සිතන්න.නමුත් ඔබ එය බාගත කිරීමේදී ඔබට අවශ්‍ය මෘදුකාන්ගය නොව ඔබට අනවශ්‍ය වෙනත් ගොනුවක් හෝ මෘදුකාන්ගයක් බාගත වෙනු දැකගත හැකිය.එවැනි අවස්ථ පිලිබදව සැලකිල්ලෙන් පසුවන්න.ඔබ නොදන්න විවිධ මෘදුකාග්න ඔබගේ නොදැනුවත් කමින් බාගත වී අවසානයේ එය වයිරස් එකක් ලෙස ඔබගේ උපාන්ගය විනාශ කිරීමට පමනක් නොව එහි ඇති දත්ත සොරා ගැනීමටත් සමත්වෙනු ඇත.

Please rate this


Like it? Share with your friends!

1
24 shares, 1 point
Tweet.lk

තාක්ෂනය කියන්නේ දිනෙන් දින අලුත් වන දෙයක්. විවිධ පැතිකඩ ඔස්සේ යාවත්කාලින තොරතුරු ඔබට පළමුවෙන් ම සහ ඉතා විස්තරාත්මකව සිංහලෙන්ම ලබා දෙන වෙබ් අඩවියකි.

0 Comments

Your email address will not be published. Required fields are marked *