Home විද්‍යාත්මක / තාක්ශණය -Science / technology What is Drop shipping -Drop shipping සින්හල

What is Drop shipping -Drop shipping සින්හල

by admin
0 comment

අද ලිපියෙන් කතා කරන්නෙ Drop shipping පිලිබදවයි.ඔයාල දන්නවා ඇති අන්තර්ජාල වෙලදාම් කරණය පිළිබදව.ඒ වගේ දෙයක් තමයි Drop shipping කියන්නෙත්.

මොකක් ද මේ Drop shipping කියන්නෙ?

ඔයාලට Drop shipping කියන්නෙ මොකක් ද කියලා තේරෙන්න මම උදාහරණයක් සමග පැහැදිලි කිරීමක් කරන්නම්.

එක්තරා ගම්මානයක වෙළද පොළක් තියනවා.ඉතින් මේ

විසින් විවිධ අමු ද්‍රව්‍යන් විකුනනු ලබනවා.උදාහරණයක් විදියට අපි හිතමුකෝ වෙළදුන් විකුනන්නේ කුරුදු/කහ/ගම්මිරිස් කියලා.ඉතින් මේ ගම්මානෙ තියන වෙළද සැලට නගරයෙන් ගැනුම් කරුවන් පැමිනෙනවා.ඔවුන් තොග පිටින් අඩු මුදළට මෙවා මිළදී ගෙන නගරයට ගොස් ඔවුන් මිළදී ගත්තාට වඩා වැඩි මුදලකට පාරිභෝගිකයන්ට විකුනා ලාභ උපයා ගන්නවා.

ඔයාලට එහෙම තේරුනෙත් නැත්නම් මම තවත් විදියකට කියන්නම්,

ශ්‍රී ලන්කාවේ අනෙත් ඔනෑම  ද්‍රිස්ත්‍රීකයකට සාපේක්ෂව කොළඹ ද්‍රිස්ත්‍රික්කය ඉලොක්ට්‍රොනික් නිශ්පාදන මිළෙන් ඉතාම අඩුයි.ඒ නිසාම පිටස්තර ප්‍රදේශ වලින් පැමිනෙන වෙළදුන් අඩු මුදළට මිළ දී ගත් ඉලොක්ට්‍රොනික් නිශ්පාදනයන් ඔවුන් ගේ ප්‍රදේශ වලට ගොස් ඔවුන් මිළදී ගත්තාට වඩා වැඩි මුදලකට එම නිශ්පාදයන් පාරිභෝගිකයන්ට අළෙවි කරනු ලබනවා..

මම හිතනවා දැන් ඔයාලට තේරෙන්න ඇති කියලා.

මම ඉහත උදාහරණ දෙකෙහි දීම නිශ්පාදනය හැරුනු කොටා පාර්ශව දෙකක් පිළිබදව පැහැදිලිව සදහන් කලා.එම පාර්ශව තුනෙහි මැදිහත් වීම මත මෙම වෙළදාම සිදුවෙව්.

 

වෙළද පොළේ වෙළදුන්>ගැනුම් කරුවන්>පාරිභෝගිකයන්

නිශ්පාදයේ සැබෑ අයිතිකරු ගෙන් අඩුවට භාන්ඩ මිළදී ගත් තවත් වෙළෙන්දෙක් විසින්(තැරෙව්කරු-තුන්වන පාර්ශවයේ පුද්ගලයා) ඔහු එම නිශ්පාදනයන් මිළ දී ගත් මුදලට වඩා වැඩි මුදලකට  පාරිභෝගිකයන්ට විකුනනු ලබයි.

පැහැදිලිවම සදහන් කලොත් ලන්කාවෙ අපි ඔය තුන්වන පුද්ගලාය කියන්නෙ තැරැව්කරු(Broker) කියලා.

නමුත් ඉහත සදහන් කල උදාහරණ දෙකම  Drop shipping සදහා ආසන්නතම උදාහරණ නොවේ.එයින් මා බලාපොරොත්තු වූයේ Drop shipping යනු කුමක් දැයි වටහා දීමටයි.නමුත් Drop shipping පදනම් වෙන්නෙ ඩිජිටල් වෙළදපොළ තුලයි.

අන්තර්ජාල වෙළදපොළ තුල Drop shipping කොහොම ද සිද්ද වෙන්නේ,

 

අන්තර්ජාලය තුළ බොහෝ විද්‍යුත් වෙළදපොළවල් (e-commerce) තුළ විවිධ නිශ්පාදනන් විකුනනු ලබනවා.උදාහරණයක් විදියට

Ebay
Aliexpress
Banggood
Gearbest…

ගන්න පුලුවන්.මෙම වෙබ් අඩවි තුළ ලක්ශ ගණනින් විවිධ වර්ගයේ නිශ්පාදන විකිනීම සදහා වෙන් කරලා තියනවා.

නමුත් උදාහරණයක් ලෙආ

:-Ebay වෙබ් අඩවියේ වෙළෙන්දෙකු විකිනීම සදහා  දමා ඇති  Huawei Y7 දුරකථනයක් Aliexpress වෙබ් අඩවියේම ඉටත් වඩා අඩු මුදලකට විකිනීම සදහා දමා තිබෙනවා.මෙහි දී එකම Brand/Features ඇති දුරකතනය Huawei Y7 දුරකතනය Ebay වලට වඩා  Aliexpress වෙබ් අඩවිය තුල අඩු  මුදාකට විකීනුම් මිළ තීරණය කර තිබෙනවා.අන්තර්ජාලය තුල Drop shipping සිදු වන්නෙ යම් වෙබ් අඩවියක ඇති කුමන හෝ නිශ්පාදනයන් තවත් වෙබ් අඩවියක් තුළ තමන් මිළදී ගත් මුදලට වඩා වැඩි මුදලකට පාරිභෝගිකයන් හට අළෙවි කිරීමයි.

කොහොම ද Drop shipping කරලා ආදයමක් හොයන්නෙ

මම දෙවෙනි මාතෘකාවෙන් පැහැදිලිවම සදහන් කලා කොහොම ද් Drop shipping හෙවත් අනුබද්ධ අලෙවිකරණය සිද්ද වෙන්නෙ කියලා.ඉතින් දැන් ඔයාලට Drop shipping අන්තර්ජාලය තුල කොහොම ද සිදු වෙන්නෙ කියලා අදහසක් ඇති.

ඔයාට පුලුවන්

Ebay
Shopify …

හරහා තවත් වෙබ් අඩවියක  අඩු මුදළකට ඇති භාන්ඩ වැඩි මුදලකට (තමන්ටත් ලාභයක් ලැබෙන සාදාරණ මුදලකට) විකුනන්න.නමුත් Shopify තුල ඔබ ස්ටෝල් එකක් මිළ දී ගෙන පවත්වා ගත යුතු වේ.

මීට අමතරව ඔබට Drop shipping සදහා වෙබ් අඩවියක් පවත්වාගෙන යා හැකිය.විවිධ වෙබ් අඩවි තුලින් අඩු මුදලට ඇති තෝරාගත් නිශ්පාදනයන් ඔබගේ වෙබ් අඩවියට ඇතුලත් කර විකුනන්න පුලුවන්.

Ebay හරහා Drop shipping කරන්නෙ කොහොම ද?

මේකත් හුගක් ලොකු මාතෘකාවක්.Ebay  හරහා Drop shipping කරනවනම් ඔයාට Ebay Account එකක් අවශ්‍ය වෙනවා.දෙවනුව අපිට සිදු වෙනවා මාර්කට් එක තුල ඇති අවශ්‍යතා හදුන ගන්න.ඒඑ කියන්නෙ මේ දවස් වල මොනව ද මිනිස්සු ගන්න කැමති දේවල් පිළිබදව හොයන්න.එහෙම හොයලා ඔයාට හොද අදහසක් ආවට පස්සෙ ඔයාට පුලුවන් වැඩේ පටන් ගන්න.

උදාහරණයක් විදියට

:-මම Aliexpress වල තියන ඔරළොසු  වර්ග කිහිපයක් Ebay තුල List කරනවා(සියලු විසතර සමග).ඊට පස්සෙ ටික දවසකින් බයර් කෙනෙක් මම Aliexpress වලින් Ebay එකට ලිස්ට් කරපු  Item එක මිළ දී ගන්නවා.නමුත් මිළ දී ගැනීමට ප්‍රථම Delivery Address එකට දෙන්නේ අර Buyer ගේ Address එක.ඉට පස්සෙ Aliexpress වලින් අදාල Item එක ඉහත කී Buyer සදහා මිළ දී ගත් පසු ඉට අදාල ට්‍රැකින් නම්බර්ස් Aliexpress තුලින් මට ලබා දෙනවා.ඒ Tracking Numbers අරගෙන මම කරන්නෙ අර Buyer ට Confirm කරනවා අදාල Item එක මෙහෙන් Ship කරන්න පටන් ගත්තා කියලා .එතැන් පසුව Item එක සදහා ලැබෙන සෑම යාවත්කාලින කිරීමක්ම මම Buyer ට ලබා දෙනවා.අදාල Item එක Buyer ට ගියාට පස්සෙ එයා බොහෝ විට එය ලැබුනු බවට දන්වනවා.ඉතින් ඔතනින් එහාට ඔන නෑ නේ.ඔය විදියට තමයි Process එක වෙන්නෙ.

Drop shipping තුළ අවදානමක් තියනව ද?

ඇත්තෙන්ම කිව්වොත් Drop shipping කියන්නෙ ලොකු අවදානමක් දරාගෙන කරන වියාපාරයක්.ඇතැම් විට අපි අතරමැදියෙක් විදියට අදාල Buyer ට යවන පැකේජ් එක නොලැබුනොත් ඔහු අපෙන් Refund ඉල්ලන්න පුලුවන්.නෙගටිව් රේට් වැටෙන්න පුලුවන්.ඒ විතරක්ම නෙවෙයි අදාල පැකේජ් එක Buyer ට ලැබිලත් ඔහු ලැබුන් නෑ කියකා වන්චා සහගත විදියට නැවත මුදල් අය කිරීමක් කරන්න පුලුවන්.ඒ සදහා ඔබ එකග නොවුන හොත් ඔහු නෙගටිව් ෆීඩ්බැක් එකක් දමන්නත් පුලුවන්.

නමුත් ශ්‍රී ලන්කාව තුල පමනක්ම නොව ලොව බොහෝ Drop shipping කරන පුද්ගලයින් සාර්ථත්වයට පත්ව තිබෙනවා.මුල දී ඇති වෙන අලාභ නොතකා ඉස්සරහට යන්න(වෙළදාමක් කියන්නෙ ලාභ හෝ පාඩු සිදු විය හැකි දෙයක්).අනිවා ඔබට පුලුවන්..

ලිපිය හුගක් දිග වැඩි ඇති.ඒත් පැහැදිලිව සහ විස්තරාත්මකව Drop shipping පිළිබදවා තියන නිසා ඔයාලට තේරුම් ගන්න පුලුවන් කියලා හිතෙනවා මොකක් හරි  ගැටලුවක් තියනවනම් කමෙන්ට් කරන්න..ඒ විතරක් නෙවෙයි ලිපිය වටිනවනම් ලිපියට කමෙන්ට් කරලා ශෙයාර් කරන්න

ඔබට ජය

Leave a Comment

Related Posts

තාක්ෂණයෙන් හා විද්‍යාවෙන් පරිපුන් හෙට දිනක්

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More