Home Top post දුරකථන අලුත්වැඩියා කිරීමේ පාඨමාළාවක වැදගත්කම

දුරකථන අලුත්වැඩියා කිරීමේ පාඨමාළාවක වැදගත්කම,

විශේෂ ලිපියක් ලියන්න කල්පනා කලා.මොක ද  මේ වගේ මාතෘකාවක් ගැන කතා නොකරපු නිසාත් දුරකථන  අලුත්වැඩියා කිරීම පිළිබදව කිසිම වෙබ් අඩවියක පැහැදිලි විස්තරයක් නොමැති වුන බැවිනුත් දුරකථන අලුත් වැඩියා කිරීමේ ක්ශේත්‍රය ඇති වටිනාකම පිලිබදව අපි ඔබට පැහැදිලි විස්තරයක් ගෙන එන්නට කටයුතු කලා

අදත් Tweet.lk  අපි ඔයාලට අරන් ආවේ හුගක් දෙනාට වැදගත් ලිපියක් කිව්වොත් මම වඩාත් නිවැරැදී.මේ ලිපිය දුරකථන අලුත් වැඩියාව සම්බන්ධවයි.නමුත් ඔබ මින් පෙර මෙම ක්ශේත්‍රය ගැන කිසිදා නොදත් වැදගත් තොරුතුරු අපි ඔබට මෙම ලිපිය හරහා ගෙන එන්නෙමු.මෙම ලිපිය සදහා සියලු විස්තර ලබා දෙමින් සන්වාදයට එකතුවන්නේ N.c Erepola මහතායි.

මෙතුමා ගැන වැඩි දුරටත් සදහන් කළහොත් මොහු වසර 9 ට වඩා දුරකථන අලුත්වැඩියා කිරීමේ ක්ශේත්‍රයේ තුල විශාල අත් දැකීම් සම්භාරයක් සහිත ප්‍රවීනයෙකු ලෙස සදහන් කලහොත් මා වඩාත් නිවැරැදිය.එපමනක් නොව NCTA- Institute නමින් පුද්ගලික අධ්‍යාපනික ආයතනයක් ද ඔහු සතු වන අතර දැනට ශ්‍රී ලන්කාවේ විවිධ ප්‍රදේශ වල ඔහුගෙන් දනුම ලබාගත් සිසුන් බොහෝ පිරිසක් සිටිති.Tweet.lk අපි සමග N.C Erepola  සමග සිදු වූ සන්වාදයේ පහතින් සදහන් වේ.

Mobile Repairing කෝර්ස් එකක් කරන එකේ වැදගත්කම?

“දැනට ලන්කාවේ ජනගහනය මෙන් දෙගුනයක් දුරකථන භාවිතා කරන අය ඉන්නවා.සන්බ්‍යා වාර්ථා අනුව දුරකථන භාවිතා කරන්නන් කෝටි හතරකට වඩා වැඩී.වර්ථමානයටත්,අනාගතයටත් මිනිස්සුන්ගේ මූළික අවශ්‍යතා වලින් එකක් තමයි දුරකථනය කියන්නේ.විෂයක අන්තර්ගතයට මුලික අවශතාවයක් විදියට දුරකථනය හදුන්වා නොදුන්නට ප්‍රායෝගිකව හැමෝම දුරකථන වලට හුරු වෙලා.ඇබ්බැහි වීමක් වගේ.ඉතින් ඒකයි මම සදහන් කලේ දුරකථනය කියන්නෙත් මූලික අවශ්‍යතාවයක් කියලා.ඒක නිසාම දුරකථන තුළ ඇතිවන දෝෂ නිරාකරණය කරගැනීමට දුරකථන අලුත්වැඩියා කරන්නෙකුගේ අවශ්‍යතාවය මතු වෙනවා.ඒක නිසාම ඉල්ලුම වැඩි නිසා දුරකථන අලුත්වැඩියා කිරීමේ ක්ශේත්‍රයට ලොකු වෙළදපොලක් තියනවා.ඉතින් දුරකථනයක අලුත් වැඩියා කිරීමටත් නිසි පුහුනුවක් අවශ්‍ය වෙනවා.එහී දී තමයි දුරකථන අලුත් වැඩියා කිරීමේ පාඨමාලාවක අවශ්‍යතාවය මතු වෙන්නේ.”

සමහරක් අය මේ ක්ශේත්‍රයට ආස නැහැ.ඒ ගැන මොකද හිතන්නේ?

“ඔව්.හැමෝම එක වගේ නැහැනේ.ඒත් තරුණ ප්‍රජාවගෙන් හුගක් අය මේ ක්ශේත්‍රයට කැමති.සමහරක් අය කම්පියුටර් පැත්තට කැමති.ඒ වගේ මේ ක්ශේත්‍රයටත් කැමති පිරිසක් ඉන්නවා.එම නිසා ඔවුන්ට නිසි පුහුනුවක් මේ ක්ශේත්‍රය සදහා අත්‍යවශ්‍යයි.”

Youtube /Udemy video බලලා දුරකථන අලුත්වැඩියා කිරීම දවසෙන් දෙකෙන් ඉගෙන ගන්න පුලුවන් ද?

“දවසෙන් දෙකෙන් ඉගෙන ගන්න අමාරුයි.නමුත් Youtube හරහා අපිට ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන්.සමහරක් දුරකථන වලට සොෆ්වෙයාර් ගහන හැටි බලාගන්න පුලුවන්.FRP lock වහේ ඇතැම් ලොක් වර්ග බයිපාස් කරන විදිය Youtube එකේ තියනවා.නමුත් දුරකථනයක් විද්‍යානුකූලව අලුත්වැඩියා කිරීමේ දී ඒ සදහා නිවැරැදි පුහුනුවක් ලබාගෙන සිටිය යුතු වෙනවා.ඒක එකපාරට ඉගන ගන්න බෑ.මම වුනත් උගන්වන්නේ සිලබස් එකක් විදියට සති අටකට  කොටස් අටකට බෙදලා.එතනදී Software ,Hardware,Unlocking කියලා මේ විශයෙදි කොටස් තුනක් තියනවා.Software සහ Unlocking පැත්ත කරන්නේ කම්පියුටර් එකක් භාවිතා කරලා.Hardware පැත්ත කරන්නේ Hot air Gung, DC power supply,Digital සහ Analog Multi meeters වගේ විවිධ Tools set භාවිතා  කරලා.උදාහරණයක් විදියට ග්ලාස් ගලවන ග්ලාස් සෙපරේටර් මැශින් එක වගේ නවීන මැශින් භාවිතා කරනවා.ඉතින් Youtube බලලා දුරකථන අලුත්වැඩියා ශිල්පියෙකු වෙන්න බැහැ ප්‍රායෝගික පුහුනුවක් නැතුව.මොකද Youtube වගේ Internet source වල දුරකථන අලුත් වැඩියාව ගැන අන්තර්ගතයන් තිබුනට නිවැරැදි තියරියක් එවයේ නැහැ.ඒක නිසයි අපේ පාඨමාලව තුල ප්‍රායෝගික පුහුනුවක් ලබා දෙන්නේ.

https://tweet.lk/whtsapp-sinhala-sticker-app/
වැඩිදුර කියවීමට

තව දුරටත් උදාහරණ සහිතව පැහැදිලි කරහොත් කෝර්ස් එකක් හරහා අපි ඉලොක්ට්‍රොනික් මූලධර්ම සහිතව පැහැදිළි කිරීමක් කරනවා.පෝන් එකක ඇන ගලවන තැන ඉදන් සන්කීරණතාව කරා ඉගන ගන්න නම් පාඨමාලවක් හැදෑරීම අත්‍යවශ්‍ය වෙනවා.සරළ උදාරහරණයක් කිව්වොත් කවදාවත් යූටියුබ් එකේ හෝ ඉන්ටර්නෙට් එකේ කොහේවත් IC එකක් නිවැරැදිව හදුනාගන්න කියලා දෙන්නෙ නැහැ. ලන්කාවේ ඉන්න හුගක් අයට ඉංග්‍රීරසි භාශාව සදහා නිපුනත්වයක් නැහැ.ඒ නිසා අන්තර්ජාලය හරහා ඉගනගැනිමේ දී භාශාව පිළිබදව ගැටලුවක් ඇති වෙනවා.ඕනම කෙනෙකු සාර්ථකව     
පාඨමාලාවක් හැදැරුවහොත්  ඕනෑම දුරකථනයක දෝශ නිරාකරණය කරගැනීමට පුලුවන්.ඒ විතරක් නෙවෙයි යූටියුබ් වල 100% ක තියරියක් නැහැ.සීමා සහිත ඉගැන්වීමක් එහිදී සිදු වෙන්නේ.අපි IC එකක් ගලවද්දී එක ගලවන්න ඒක පාවිච්චි කරන උෂ්ණත්වයක් තියෙනවා,ටයිමින්ග් එකක් තියෙනවා.ඉතින් අන්තර්ජාලයෙන් එවා ගැන සවිස්තරාමත්කව ඉගන ගන්න බැහැ.සරලව කිව්වොත් අන්තර්ජාලය භාවිතා කරලා නිවැරැදි දැනුමක් සහිත ප්‍රවීන දුරකථන අලුත් වැඩියා කිරීමේ ශිල්පියෙකු වෙන්න අපහසුයි.”

දුරකථන අලුත්වැඩියා කිරීමේ ක්ශේත්‍රය තුලින් පිටරට හා දේශීය රැකියා අවස්ථා තියෙනව ද?

“ඔව්,රැකියා අවස්ථා ඕන තරම් තියනවා.නමුත් මෙතනදී වැදගත් දෙයක් කියන්න ඕන.මේක කාගෙවත් යටතේ වැඩ කරන්න ඕනි රස්සාවක් නෙවෙයි,මොක ද අපි දෙන්නෙ සේවාවක්.ඔබ දුරකථන අලුත්වැඩියව පිළිබදව නිවැරැදි ආයතනයකින් පාඨමාලාවක් කලා නම් ඔබත් Entreprenuer කෙනෙකු ලෙස වැඩ කරන්න පුලුවන්.ඒක හුගක් ලාභදායි රැකියාවක්.මොක ද මේ ක්ශේත්‍රය තාවකාලික මාතෘකාවක් නෙවෙයි.අනාගතයටත් පොදුයි.අනාගතයේ නැතුවම බැරි ක්ශේත්‍රයක් බවට දුරකථන අලුත්වැඩියා කිරීමේ ක්ශේත්‍රය අනිවාර්යෙන්ම පත් වෙනවා.ඒ නිසාම තමයි මම සදහන් කලේ මෙම ක්ශේත්‍රය සදහා විශාළ වෙළද පොලක් තියනවා කියලා.

ආයතන වල රැකියා තියනවා.නමුත් මම සදහන් කරන්නේ ආයතනයක ලබන වැටුපට වඩා වැටුපක් ලබා ගන්න පුලුවන් තමන්ම මේ ක්ශේත්‍රයට ආවොත්.පිටරට ගත්තොත් මැදපෙරදිග රටවල් වලින් මේ ක්ශේත්‍රයේ පුහුනු නිළධාරීන්ට විශාල ඉල්ලුමක් පවතිනවා.ලක්ශ 2,3 ට වැඩි මාසික වටුපක් සමග.තව විශේෂ දෙයක් කියන්න තියනවා.හුගක් අය කොරියා යනවා,මැද පෙරදිග රටවල් වලට යනවා,ඒ ඇරුනහම නන්ගිලා මල්ලිලා ඉගන ගන්න පිටරට යනවා.ඉතින් ඒතකොට මේ වගේ පාඨමාලාවක් කිරීම මගින් Part Time Job කරලා  අමතර ආදායමක් උපයන ගමන් විශ්වාසවන්ත සේවාවක් ලබා දෙන්නත් පුලුවන්.”

දුරකථන අලුත්වැඩියා කිරීමේ ප්‍රවීනයන් ලෙඅස නම් දරාගත් ක්ශේත්‍රය ගැන දැනුමක් නොමැති අය ගැන මොකද කියන්නේ?

“හැකියාව තියන අය නෑ කියන්නෙම නෑ.නමුත් හුගක් අය කරන්නේ දුරකථන අලුත්වැඩියා කරනවා කියලා ශොප් එකක් දාගෙන පාරිභෝගිකයෙක් දෝෂ සහිත දුරකථනයක් ගෙනත් දුන් පසු  ඔවුන් කරන්නේ Whole sale Repair කරන තැනකට ඉහත කි දුරකථනය අරගෙන ගිහින් හදාගෙන ඔවුන් එය  හැදුවා සේ ලාභයක් තියන් විකුනන එක.ඒක නිසාම නිසි පුහුනුවක් කරලා මේ ෆීල්ඩ් එකට එන සුපිරි වැඩකාරයෙක්ට තැනක් හදාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි.”

අධ්‍යාපන  සුදුසුකම් නැතුව කෝර්ස් එකක් කරලා ෆීල්ඩ් එකට ආවොත් අනාගතයේදි ප්‍රශ්නයක් වේවිද?

“මේ ක්ශේත්‍රයට අධ්‍යාපනය ප්‍රශ්නයක් නෙවෙයි.මොක ද මම දන්න හුගක් අය ඉන්නවා අධ්‍යාපන සුදුසුකම් නැතුව මේ ක්ශේත්‍රය තුල හොද තැනක් හදාගෙන ඉන්න.අද කාලෙ ඉගන ගත්ත අයටත් රස්සාවක් හොයාගන්න එක අමාරුයි.ඒක නිසා මේ ක්ශේත්‍රය ඉගන ගන්නත් ඕන තරම් ක්‍රම තියනව.ශ්‍රී ලන්කා වෘතීය පුහුණු අධිකාරි මගින් දුරකථන අලුත්වැඩියාව ඇතුලු ඉලෙක්ට්‍රොනික් පාඨමාල නොමිළේ ඕන තරම් හදුන්වා දීලා තියනවා.මම නම් කියන්නෙ අධ්‍යාපනය අසමත්වීම ජීවිතය අසමත්වීමක් නෙවෙයි කියලා.මීට අවුරුදු 6,7 ට උඩ දී පරිඝනක පාඨමාළාවක් කරලා තියනවා කියන්නෙ ලොකු පිළිගැනීමක්.නමුත් ඒ පිළිගැනීම වර්ථමානයට හිමි වෙන්නෙ නැහෑ.මොක ද Graphic ,web Design වගේ ක්ශේත්‍රයන් ගත්තත් මේවට වෙනම Freelancer Job තියනවා.ඉතින් ඒ ක්ශේත්‍රය තුළ හැමදේම ගෝලියකරණය වෙලා තියන නිසාත් මේ ක්ශේත්‍රය නිසි පුහුනුවකින් යුතුව කරනවා කියන්නේ ජීවිතය ජයගන්න හොදම තෝතැන්නක් කියලා මට යෝජනා කරන්න පුලුවන්.”

ඔයාගේ අධ්‍යාපන ආයතනය ගැනත් සදහන් කලොත්?

මගේ ආයතනය තමයි NCTA institute private limited .රජයේ ලියාපදින්චිත ආයතනයක්.මෙම ආයතනයේ පුද්ගලිකව ඉගැන්වීම කරන්නේ මම මයි.මම දන්න දේ සියලු තියරිය සමග මම ප්‍රායෝගිකව කියලා දෙනවා.ජන්ගම දුරකථන අලුත්වැඩියාව ගැන සතියට එක් දිනය බැගින්  මාස දෙකක පාඨමාලාවක් පවත්වනවා.ඒ වගේම තමයි අපේ ආයතනය තුළ උසස් පුහුණු පාඨමාලවකුත් පැවෙත් වෙනවා.උසස් පුහුණු පාඨමාලවට සහාභාගි වීමට අවශ්‍ය නම් දැනට ක්ශේත්‍රය තුළ අත්දැකීම් ලත් අය වෙන්න ඕන.රැකියාවෙ නිරත වන අයට රාත්‍රී පාඨමාලවකුත් අපි හදුන්වා දීලා තියෙනවා.මාස දෙකක පාඨමාලාවට සහභාගි වීමට අපහසු අයට 2019 ජනවාරියේ සිට ශිඝ්‍ර ඉගැන්වීම් පාඨමාවක් අපි හදුන්වා දෙනවා.ඒ පාඨමාලාව දින දෙකක් අධ්‍යාපන පැය විසි හතරක් තියනවා.පාඨමාලාවේ සාර්ථකව අවසන් කරන ඕනෑම කෙනෙකුට වටිනා සහතික පතක් මම ලබාදෙනවා.ඒ හරහා TRC Registration එක අරගන්නත් පුලුවන්.පාඨමාලවෙන් පසුව රැකියාවක් සොයා දෙන්නත් පුලුවන්.ඒ විතරක් නෙවෙයි ශොප් එකක් පටන් ගන්නවනම් අපි මගපෙන්වීම ජිවිත කාළය පුරාවටම නොමිලේ සිදු කරනවා.සෙනසුරාදා,ඉරිදා තමයි ආයතනය විවෘත වෙලා තියෙන්නේ.ඔබටත් වැදි දුර විස්තර  ලබා ගැනීමට පහත තියන දුරකථන අන්කයට කතා කරලා දැනගන්න පුලුවන්

පාඨමලා කාළසටහන


දිනය
උදේ
සවස
රාත්‍රී
සෙනසුරාඅදා
8.30-10.301.30-3.306.00-8.00
ඉරිදා8.30-10.3011.30-1.30

අධිවේගී පාඨමාළාව සැම මසකම අවසන් අගහරුවාදා බදාදා යන දින වල සිදු වේ.එහි දී දින දෙකක් තුළ පැය විසි හතරක අධ්‍යන කාල සීමාවක් තුල ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.

Call- 0776719622 / 0113 663 131

Facebook- www.facebook.com/ncerepola

No:144/9,High Level Road,Kottawa10230,Sri Lanka

More Details-www.nctainstitute.com/


දුරකථන අලුත්වැඩියා පිළිබදව Tweet.lk N.C Erepola මහතා සමග යෙදුනු සන්වාදය මෙතනින් නිමා කර සිටිනවා.මෙහි ඇති සියලු කරුණු ලබා දුන් N.C Erepola මහතාට බෙහෙවින් ස්තූති වන්ත වන අතර Tweet.lk ඔහුට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment

Related Posts

තාක්ෂණයෙන් හා විද්‍යාවෙන් පරිපුන් හෙට දිනක්

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More