Home Tech Update Distance Learning (දුරස්ථ ඉගෙනුම්කරණය)

Distance Learning (දුරස්ථ ඉගෙනුම්කරණය)

by admin
0 comment
මොකක්ද මේ Distance Learning කියල කියන්නේ
distance learning

this describe the distance learning

මේ දින වල බහුලව භාවිතා වන නමුත් ලංකාව තුල එතරම් ප්‍රසිද්ධ නොවන, ලොව පුරා ඉතා සාර්ථක ඉගැන්වීමේ ක්‍රමයක් තමයි distance learning කියල කියන්නේ. ඉතින් මේ මේ ගෝලීය වසංගතයත් එක්ක බහුලවම අපට ඇහෙන මාතෘකාවක්. ඉතින් අද කතා කරන්නේ යන්නේ මේ දේ පිලිබදව.
Distance Learning එහෙම නැත්නම් දුරස්ථ ඉගෙනුම්කරණය තව විදියකින් කියනව නම් E- Learning කියන්නෙත් මේ සංකල්පයටම තමයි. මෙහිදී උගන්වන්නා සහ ඉගෙනගන්නා භෞතිකව සම්බන්ද නොවී දුරස්ථව ඉලෙක්ට්‍රොනික උපාංග භාවිත කරමින් ඉගෙනුම් ක්‍රියාවලිය සිදු කරයි. සාම්ප්‍රදායික ඉගෙන්වීමේ ක්‍රියාවලියෙන් බැහැරව නවතම තාක්ෂනය සමග මුහු වෙමින් තමයි දුරස්ථ ඉගෙනුම්කරණය සිදු කල යුත්තේ. අනිත් වැදගත්ම දේ තමයි මේ සංකල්පය තුලින් සාම්ප්‍රදායික ශිෂ්‍යයන් බැහැර කිරීම. මිට හේතුව වෙන්නේ තාක්ෂණයට නැබුරු නොවූ සහ අලුත් තාක්ෂණයට අකමැති සිසුන්ට මේ මගින් ඉගෙන ගැනීම ඉතා අපහසු වන නිසාවෙන්.මෙය සංකල්පයේ ආරම්බයේදී Distance Learning භාවිත කරලා තියෙන්නේ ආරක්ෂක සේවයේ හිටපු අයට තොරතුරු සන්නිවේදනය කර ගන්න. නමුත් කාලයත් සමග විශ්ව විද්‍යාල, පාසල් මේ ක්‍රමය තුලින් සාර්ථක ප්‍රතිපල ඇත කර ගෙන තියෙනව.
Distance learning හා බැඳී ඇති අනෙක් වචනය තමයි අන්තර්ජාලය. මෑත කාලයේ භාවිතා නොවන තරම් පැරණි, තැපැල් මාර්ගික පාඨමාලා හැරුණුකොට distance learning කල හැකි එක ක්‍රමයක් තමයි අන්තර්ජාලය හරහා පමණයි. වැඩිම පිරිසක් අන්තර්ජාලය හරහා තමන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරනවා. මෙහිදී ප්‍රතිපල නිකුත් කිරීම්, සහතික ලබා දීම වැනි දේ සිදු වෙන්නෙත් අන්තර්ජාලය හරහාම වීම විශේසත්වයක්.
Distance learning කරන ආකාර කිහිපයක් තියෙනවා. ගුරුවරයා සහ ශිෂ්‍යයන් දෙපිරිස ම එකවර අන්තර්ජාලය මගින් යම් මෘදුකාංගයක් හරහා සම්බන්ධ වීම මගින් සහ  ගුරුවරයා විසින් අන්තර්ජාලයට එක් කල විෂය කරුණු සිසුන් විසින් වෙනම ලබාගෙන, අධ්‍යයනය කර අවසානයේ ඇති වන ගැටලු අදාල මොඩියුල් වශයෙන් ගුරුවරයා වෙත යොමු කිරීමත් මගින් ද දුරස්ථ අධ්‍යාපනය හදාරන්න පුළුවන්. විශේසයෙන් නිර්මාණය වූ මෘදුකාංග බාවිත කිරීම මගින් මේ ක්‍රියාවලිය ඉක්මන් කර තියෙනෙව.  මේ සදහා google ආයතනය විසින් වෙනම වෙබ්පිටු විවිද පාඨමාලා සදහා නිකුත් කර තිබීම හොදම උදාහරණයක්.
ඒ විතරක්ම නෙමේ විශ්ව විද්‍යාල හා වෙනත් අධ්‍යපනික ආයතනත් , zoom, Cisco Webex Meetings, BlueJeans වැනි මෘදුකාංගත් භාවිත කරන්න පුළුවන්.
ඉතින් මේ දියුනු තාක්ෂණික මෙවලම් එක්ක වැඩ කරද්දී හරිම පහසුයි වගෙම කාලය ඉතිරි වීම වැනි දේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම සාකච්ඡා මාර්ගයෙන් ඉගැන්වීම් කලහැකි වීම, අපැහැදිලි යමක් තිබේ නම් එවෙලේම ගුරුවරයාගෙන් අසා දැන ගැනීමේ අවස්ථාව ලැබීම හා ප්‍රස්තාර හා රූප සටහන් භාවිතා කරමින් සාමාන්‍ය පන්ති කාමරයක උගන්වන ආකාරයට සමානව ඉගැන්වීම කල හැකියාවක් පවතිනවා.
නමුත් මේ ක්‍රියාවලිය සඳහා ශක්තිමත් අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍යයි. ඒ විතරක් නෙමේ අපි තාක්ෂණයත් එක්ක වැඩ කරද්දී ටිකක් සැලකිලිමත් වෙන්නත් ඕනි. මොකද තාක්ෂණික බිද වැටීමක් නිසා මුළු පද්දතියම අවුල් ජාලයක් බවට පත්වෙන්න පුළුවන්. අනිත් දේ තමයි පෞද්ගලික තොරතුරු තෙවන පාර්ශවයකට යෑමට තියෙන ඉඩකඩ වැඩි.
කොහොම උනත් මේ වනවිට මේ ක්‍රමය ඉතා ජනප්‍රිය සංකල්පයක් විතරක් නමේ ප්‍රායෝගික දෙයක්. මේ තුලින් වාසි ගන්න පිරිස ඉතා ඉහලයි. මේ නිසාම දිනෙන් දින මෙහි අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා වැඩි වෙලා තියෙනවා .

Leave a Comment

Related Posts

තාක්ෂණයෙන් හා විද්‍යාවෙන් පරිපුන් හෙට දිනක්

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More