Google සමාගමෙන් Huawei ඉවත් කලේ ඇයි? 5/5 (3)


1
1 share, 1 point

චීනය සිය රාජ්‍ය තුල ඇමරිකානු, යුරෝපීය නිශ්පාදන සදහා සීමා මායිම් කලක සිට සිදුකලේය. චීනය තුල Google , Facebook තහනම් බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ තහනම් සීමා පැනවීම සිය රාජ්‍ය ආරක්ෂාව උදෙසා චීන සමූහාණ්ඩුව කලින්ම ගත් පූර්ව ආරක්ෂක උපක්‍රමයකි. ලොව වටා මිනිස්සුන්ගේ පෞද්ගලිකවය google, facebook සොරාගන්නා බව අද ප්‍රසිද්ධ රහසක්.මෙම තත්වය මත චීනයට රිදවීමටත් යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය පසුබට වන්නෙ නැත. නමුත් එක් වරම චීනය රිදවන්න අපහසු වන්නෙ ඔවුන් සතු පැතිරීගිය තාක්ෂණික, ආර්ථික සහ යුධමය ශක්තිය වේ.
ඇමරිකාව තුල චීන තාක්ෂණික උපාංග තහනම මුලින්ම ආරම්භ වන්නේ 2018 වසර අගභාගයේදී වේ. ඒ Huawei ,ZTE ඇතුලු ප්‍රමුඛ පෙලේ චීන තොරතුරු තාක්ෂණික සන්නිවේදන උපකරන උපාංග ඇමරිකාව තුල වෙලදාම තහනම් කරමිනි.

Huawei සමාගමේ පසුබිම

වාවි. හැමෝම කටට හුරු ලෙස උච්චාරණය කරන හුවාවි ආරම්භය සිද්ධවෙන්නෙ මීට වසර 32 කට පෙර 1987 දි. නිර්මාතෘ වරයා වන්නේ Ren Zhengfei. 2018 වන විට වර්ශික පිරිවැටුම ඇමරිකානු ඩොලර් බිලියන 108.5ක ව්‍යාපාර ඉලක්ක සපුරමින් ද, ලෝකයේ ප්‍රධාන පෙලේ ව්‍යාපාර අතර 72 වන තැන චීන තනි සමාගම හිමිකර ගන්නෙ, 2012 දි Ericsson සමාගම පරදවා ලොව විශාලම විදුලි සංදේශයන උපකරණ නිෂ්පාදකයා බවට පත් වෙමින්. ඒ එක්කම 2018 දී ඇමරිකාවට රිද්දන්නෙ ඇපල් සමාගම පරදවා ලොව දෙවන විශාල ස්මාර්ට් දුරකතන නිශ්පාදකයා වෙමින්. ඔවුන්ට ඉදිරියෙන් සිටියෙ දකුණු කොරියානු Samsung සමාගම පමණි.
Huawei කියන්නෙ ස්මාර්ට් ෆෝන් පමණක් නෙවෙයි. ඔවුන්ගේ ප්‍රධාන නිශ්පාදන අතර ප්‍රමුඛ වෙන්නෙ Mobile broadband සහ fixed broadband network Device නිශ්පාදනය. සරළව ඔබගේ wifi Router එක බලන්න එය බොහෝවිට Huawei විය හැක. කලකට පෙර බොහෝ අය අන්තර්ජාලයට පිවිසෙන්න බාවිතා කල 3G ඩොංගල් Huawei විය. නැතිනම් චීනයේම නිශ්පාදනයක් වන ZTE.

අපි නොදන්න Huawei නිශ්පාදන

ස්මාර්ට් දුරකතන, ටැබ්ලට් පරිගණක, විදුලි සන්දේශන සන්නිවේදන උපකරණ, ජංගම දුරකතන ප්‍රොසෙසර්, සර්වර් ප්‍රොසෙසර්

විදුලි සන්දේශන සන්නිවේදන උපකරණ.

හැමෝම දන්නා 3g ඩොංගල්, 4g wifi රවුටර් නොවේ ඔවුන්ගේ ප්‍රධාන නිශ්පාදනයක් තමයි 
Network BTS. Mobile network ක්‍රියාත්මක වෙන්නෙ ප්‍රධාන protocol කීපයකට ඒ අතර GSM (Global System For Mobile Communication) CDMA,TDMA අයත්,

මොනවද මේ BTS කියන්නෙ.


Base Transceiver Station සරළව කිව්වොත් ටෙලිෆෝන් ටවර් එකක තියන ප්‍රධාන සන්නිවේදන උපාංගය තමයි BTS ස්විච් එක. 3g වල මේක node B කියලා හදුන්වනවා. ප්‍රධාන වශයෙන් 
Transceiver (TRX) , Power Amplifier (PA), Combiner, Multiplexer, Antenna, BBXx කියන කොටස් ටවර් එකක BTS සිස්ටම් එකේ තියෙන්නෙ. ලොකු ටවර් වල මේවා ගොඩක් එකට ස්විච් කරලා එනවා. හිතාගන්නකො හුවාවි මේවා හදනවා කිව්වම telecommunication ෆීල්ඩ් එකට ඔවුන්ගේ දායකත්වය කොහොමද කියලා. Siemens සහ ericsson සමාගමේ තිබ්බ මේ උපකරණ වල ආදිපත්‍ය අද වෙද්දි huawei අරං ඉවරයි. තේරෙන්නෙ කියන්නද? ඉස්සර incoming කෝල් එකටත් අපෙන් සල්ලි කැපුනෙ siemens , ericsson වගේ ඇමරිකානු යුරෝපය නිශ්පාදන වල තිබ්බ අධික මිල නිසා විශාල පිරිවැයක් දරලා telecommunication network නඩත්තු කරන්න සිද්ධවීම, ඒත් අද එහෙම නෑ. huawei ,zte වගේ චීන නිශ්පාදන නිසයි තාක්ෂණය අපි වගේ දුප්පත් රට වලට ආවෙ. නවතම 5G ටවර් වල මේ BTS නිශ්පාදනයත් Huawei සමාගම ආරම්භ කරලා අවසන්. ඒකියන්නෙ ලෝකෙම 5G නෙට්වර්ක් එක කාගෙද කියලා තේරෙනවනෙ. එක අතකට ට්‍රම්ප් වැරදිත් නෑ..

Hisilicon – ආරම්භය 1991

ජපානයේ softbank ආයතනයට අනුබද්ධිත බ්‍රිතාන්‍ය මූලික කොට ක්‍රියාත්මක වෙන ARM හරහා design license අරං හදන මොබයිල් චිප් සෙට් එකක්. (Processor)
ARM Cortex-A9 MPCore, ARM Cortex-M3, ARM Cortex-A7 MPCore, ARM Cortex-A15 MPCore,ARM Cortex-A53, ARM Cortex-A57 වගේ ARM Architecture එක සහිත multi-core mobile processor ඔවුන් නිශ්පාදනය කරනවා.

Honor – Huawei sub brand – 2013

Flagship series එකක් විදියට 2011 Honor 1 සිට 2013 Honor sub brand එකක් විදියට වෙන් කරලා

2018 Honor Play දක්වාත්, magic series , x,i,v,s,a,note, holly ලෙස දුරකතන ශ්‍රේණි රාශියක් Honor උප සන්නාමය යටතේ huawei සමාගම වෙලදපොලට යොමුකලා.

EMUI

Linux නිදහස් මෘදුකාංග (Open source) kernel එක මූලිකව ලියවුණු Android මෙහෙයුම් පද්ධතිය වෙනස් කරලා C,C++ සහ Java යන ප්‍රෝග්‍රෑමින් භාශා වලින් හැදුන Huawei සමාගමේ UI එක තමයි EMUI. හුවාවි ෆෝන් වල එන්නෙ මේ EMUI Os එක. අද වෙද්දි 1.0 සිට EMUI 9.0 වෙනකම් සංස්කරණ Honor series එක සදහා නිකුත් කරලා තියනවා.

මැයි 19 Huawei සතු Google License තහනම

2018 වසරේ ට්‍රම්ප් රජය චීන විදුලි සන්දේශන නිශ්පාදන එරට තුල තහනම් කලේ චීන රජය තම නිශ්පාදන වල backdoors හරහා ඇමරිකාව තුල ඔත්තුබැලීම සිදුකරන යන චෝදනාව පදනම් කරගෙනය. විශේෂයෙන් 5G තාක්ෂණයෙන් මෙහි බලපෑම් ඉහළ බව කියයි. මෙහි සත්‍යතාවක් නැතුවාම නොවේය. ශ්‍රී ලංකාවට පවා චීන තාක්ෂණික ආක්‍රමණ වලට මූණදීමට සිදුව ඇති අතර ඒ ගැන වෙනම කතා කල යුතුය. නමුත් චීනය ඇමරිකාවට වඩා හොද බව කිව යුතුය. 
ඉහත කී ඇමරිකානු වෙලදපල වාරණය සමග පසුගිය 19 වැනිදා ගූගල් සමාගම සිය ඇන්ඩ්‍රොයිඩ් බලපත්‍රය huawei සමාගමෙන් උදුරාගන්නා ලදි. ඒ අනුව ඉදිරියෙදි නිකුත්කරන Huawei Mate 30 (2019 ඔක්තෝබර්) දුරකතන තුල Google PLAYSTORE, YOUTUBE, GMAIL, MAPS, වැනි ගූගල් සමාගමේ ඇප්ලිකේශන් නොමැති වනු ඇත.
නමුත් දැනට නිශ්පාදනය කර ඇති සියලූම දුරකතන වලට මෙහි කිසිදු බලපෑමක් නැති බව අවධාරණය කල යුතු අතර බොරු පුහු බියක් හුවාවි පරිශීලකයන් ඇතිකරගත යුතු නොවේ.. ඉදිරියෙදි නිකුත්වන Huawei P30 Range , Mate 20X 5G තුල පවා Gapps තිබෙ.. 😉

Huawei ෆෝන් වලින් Android සදහට ඉවත් වෙයිද?

කිසිසේත්ම නැත. ඇන්ඩ්‍රොයිඩ් යනු නිදහස් මෘදුකාංග පද්ධතියක් වේ. ලොව ඕනෑම දුරකතන නිශ්පාදනයක් සදහා එය බාවිතා කල හැක.Android Open Source Projects (AOSP) කිසිවෙක් බාවිතා කිරීම google එකට හෝ ඇමරිකාවට තහනම් කල නොහැක. 🤣
කෙසේ නමුත් Huawei සමාගම තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් ඉදිරියෙදි ගෙන එන බව ප්‍රකාශයක් කර ඇති අතර එය බොහෝවිට ඇන්ඩ්‍රොයිඩ් නොවනු ඇත. නමුත් දිගටම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වෙලදපොලට පැමිනෙනු ඇත.

එහෙම එන ඒවට Playstore , Gmail, Youtube දාන්න බැරිද?

මොකද බැරි, අදටත් Chinese region ෆෝන් වල ගූගල් ඇප්ලිකේශන් නෑ. ඒවයෙ එන්නෙ චීනයට ආවේනික වෙනත් ආදේශ Applications. උදාහරණයක් Google වෙනුවට Baidu. දැනටත් එහෙම ෆෝන් වලට වෙනම google ඇප්ලිකේශන් දාලා හදලා ගන්නවා. දක්ෂ ජංගම දුරකතන සොෆ්ට්වෙයාර් ටෙක්නීශියන්වරු මේක විනාඩි කීපයක් ඇතුලත ඔබට සිදුකර දේවි. ඇමරිකානු සහ චින සමූහාණ්ඩුවේ ගැටලුවක් අපි අපේ කරගන්න ඕනෙම නෑ. නමුත් අවධානයෙන් ඉන්න.
අවසානයේ කියන්න තියෙන්නෙ Huawei කියන්නෙ ශක්තිමත් සමාගමක්. සම්බාධක දමා ඔවුන් වැට්ටවීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ මෝඩ ව්‍යාපාරික සිහිනයක් කියලා තමයි. ඒ විදියට චීනයෙ Foxconn සමාගම ඇපල් එකට manufacture ලබා දීම නවත්වපු දවසට iPhone එක ගැනත් මෙහෙම ලියන්න පුලුවන් වෙයි.

සටහන.
N.C. ඇරෑපොල 

Please rate this


Like it? Share with your friends!

1
1 share, 1 point
Tweet.lk

තාක්ෂනය කියන්නේ දිනෙන් දින අලුත් වන දෙයක්. විවිධ පැතිකඩ ඔස්සේ යාවත්කාලින තොරතුරු ඔබට පළමුවෙන් ම සහ ඉතා විස්තරාත්මකව සිංහලෙන්ම ලබා දෙන වෙබ් අඩවියකි.

0 Comments

Your email address will not be published. Required fields are marked *