Ultimate Guide For On page and Off page SEO-Sinhala 4.81/5 (27)


21
152 shares, 21 points

Table of Contents

Ultimate Guide For On page and Off page SEO-Sinhala -SEO ඉගනගමු ද?

Ultimate Guide For On page and Off page SEO-Sinhalaටික කාලයකට පස්සෙ අද Tweet  එකට ලිපියක් ලියන්න හිතුනා.ඉතින් අද මම කතා කරන්නේ SEO කියන්නෙ මොකක් ද කියන එක ගැන.හුගක් අයට තියන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ SEO කියන්නේ කියලා.ලන්කාවෙ හුගක් බ්ලොග් වල මම දැක්කා ලිපි කිහිපයක් තියනවා SEO පිළිබදව.නමුත් මමත් හිතුවා මේ පිළිබදාව තව දුරටත් පැහැදිළිව ඔයාලට කියලා දෙ

මචන්ලා මේකෙ ලියන්න හුගක් මහන්සි උනා අපේ අයට නිකන් දෙන දේ කොහොමත් වටින් නෑ.ඒත් අවුලක් නෑ.අපි මහ ලොකු දෙයක් ඉල්ලන්  නෑ.මේ සවිස්තරාත්මක ලිපියෙන් දෙයක් ඉගන ගත්තොත් ආර්ටිකල් ර්කට රේට් කරලා කමෙන්‍ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

තව කියවන්න= SEO හි ඔබ නොදන්නා වචන

තව කියවන්න= Yahoo සමාගම Google සමාගම මිළදී ගැනීම ප්‍රතික්ෂේප කලේ ඇයි?

Search Engine Optimization -සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය කියලා සින්හලෙන් අර්ථ දක්වන්නත් පුලුවන්.සෙවුම් යන්ත්‍රයක් කියලා කියන්නෙ Google,yahoo,Ask,Bing වගේ කුමක් හෝ වචනයකට අදාල නිවැරැදි සෙවුම් ලබාදෙන වෙබ් අඩවියකට.අපි ඉතින් ඒ වගෙ එකකට ඉන්ග්‍රිසියෙන්  SE – Search Engine එකක් කියලා කියනවා.මේකට හොදම උදාහරණය තමයි Google.Google එක මෙතනට ගත්තේ ලෝකෙ ප්‍රසිද්ධ සෙවුම් යන්‍ත්‍රය එය නිසා.සමහරක් විට මේක කියවන ඔයාලත් මේ ලිපිය්ට පිවිසෙන්න ඇත්තේ ගූගල් එක හරහා වෙන්නත් පුලුවන්.හරි.එතකොට මම කියන්න උත්සහා කරන්නෙ වෙබ් සයිට් එකක් නිර්මාණය කාලට පසුව ඒ සදහා සෙනග ගෙන්වීමට අවශ්‍ය වෙනවා.අපි ඒකට කියවනවා Traffic එකක් කියලා.සයිට් එකට ට්‍රැෆික් ගන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියනවා.

  • Organic
  • Direct
  • Social media
  • Referral

ORGANIC TRAFFIC

Organic traffic වලදී සිද්ද වෙන්නේ ඔයාගෙ වෙබ් සයිට් එක සෙවුම් යන්ත්‍රයක ලිස්ට් කරලා තියනවා නම් (අපි ඒකට කියනවා SEO කියලා.ඒ ගැන තමයි ලිපියේ කතා කරන්නේ.දිගටම කියවන්න.මතක ඇතුව වතුර එකකුත් බොන්න). එහි ඔබේ වෙබ් අඩවියට අදාල Search Result-සෙවුම් ප්‍රතිපළ  හරහා ඔබගේ වෙව් අඩවියට පැමිනීමයි.අපි ඒ ගැන තව කතා කරමු.දිගටම කියවන්න යාලුවා.

DIRECT TRAFFIC

Direct traffic කියන්නෙ කිසිම මාධයක් භාවිතා නොකර වෙබ් අඩවියට පැමිනෙන්නන්‍ ය.මෙහි දී වැදගත් වන කරුණක් නම් Direct traffic මගින් වෙබ් අඩවියට පැමිනීමට නම් හුදෙක් ප්‍රධාන හේතු කිහිපයන් තිබිය යුතුය.

වෙබ් අඩවියේ ඇති අන්තර්ගතය

වෙබ් අඩවියකට හෝ බ්ලොග් අඩවියකට  කෙලින්ම පැමීනීමට නම් එම වෙබ් අඩවිය පරිශීළකයාට අතිශයින්ම වැදගත් විය යුතුමය.ඇතැම් විට එහි සෙවාවක් හෝ ලිපි හෝ විඩියෝ පට අඩන්ගු විය හැක .නමුත් පරිශීළකයන්ට නැතුවම බැරි වෙබ් අඩවියක් විය  යුතුමය.

උදාහරණයක් ලෙස ගතහහොත් අප Google.com වෙත යෑමට අවශ්‍ය නම් කෙලින්ම Browser එකෙහි ඇති Adress Bar එකෙහි ලියනය -Type  කර එයට ඇතුළත් වේ.

තවත් උදාහරණ

  • PayPal
  • Fiverr
  • Yahoo
  • Google ,Facebook….

වසම් නාමයේ -Domain name සරළ බව,

ඉහත මා විසින් සදහන් කළ තවත් උදාහරණ යන මාතෘකාව දෙස හොදින් බලන්න.එහි ඇති Domain නාම කෙතරම් සරළ ද යන්න හොදින් අධ්‍යනය කරන්න.ඔබ කෙතරම් හොද සේවාවක් ලබා දුනනත් ඇතැම් විට පරිශීළකයන්ට ඔබේ වෙබ් අඩවියේ වසම් නාමය භාවිතා කිරීමට අපහසු නම්  කිහිප දෙනෙකුට හෝ ඇතැම් විට බොහෝ පිරිසකට ඔබගේ වෙබ් අඩවියට කෙළින්ම පැමිනීමට නොහැකි වනු ඇත.

Refferal Traffic

Refferal Traffic කියන්නෙ සෙවුම් යන්තරයකින්,Direct ව නොව  වෙනත් මාධයක් භාවිතා කර වෙබ් අඩවියට පැමිනෙන  පරිශීළකයන් වේ.මෙහි දි Refferal Traffic ප්‍රධාන වර්ග කිහිපයකට බෙදිය හැකිය

  • Advertising
  • Sponsers
  • Email Marketing
  • Guest Blogging ..

Social media traffic

Social Media  යනු සමාජ මාධ්‍යන් වේ.මෙහිදී  Social media traffic යනු සමාජ ජාලා හරහා ලබාගන්නා ට්‍රැෆික් වේ.මෙය නම් තව දුරටත් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇතී.

*******************

දැන් ලිපිය කියවලා කියවලා මහන්සී ඇති නේ.බොමු ද සීතළ වතුර වීදුරුවක්.. 😛

දැන් මම SEO කියන්නෙ මොකක් ද කියලා කිවෙ නෑ නේ.හරි දැන් මම කියන්නෙ SEO කියන්නෙ මොකක් ද කියලා.මම උඩින් සවිස්තරාත්මක දීර්ඝ විස්තරයක් ලියලා තියනවා වෙබ් අඩ්වියකට ට්‍රැෆික් ලබා ගන්න පුලුවන් ප්‍රධාන ක්‍රම කිහිපයක් ගැන.ඉතින් එතනින් ප්‍රධාන එක තමයි අපි කතා කරන SEO හෙවත් සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය කියන තේමාව.

SEO කියන්නෙ සෙවුම් යන්ත්‍රයකට වෙබ් අඩවියක් Index කරන එක එහෙමත් නැත්නම් සම්බන්ධ කරන එක.ඔයා ගුගල් එකට යනවා කියලා හිතන්න.ඉට පස්සෙ ඔයා හොයනවා “සයිබර් අවකාශය” කියලා.එතකොට බොහෝ දුරට ඔබට අපේ වෙබ් අඩවිය දැක ගන්න පුලුවන්.

මෙතන ඔයා ගූගල් එකෙන් හොයන වචනය තමයි “සයිබර් අවකාශය” කියන එක.ඒකට අදාළව සෙවුම් ප්‍රතිඵලයක් ඔයාලට බලාගන්න පුලුවන්.පරිශීළකයකු  සොයනා Keyword,Term එකකට අදාළ  ව සෙවුම් ප්‍රතිඵළයක් ලබා ගැනීමට SEO  කිරීමට අවශ්‍ය වේ.Traffic ලබා ගැනීමට වැඩි ප්‍රතිශතයක් ඇති ක්‍රමය වන්නේ SEO වේ.එම නිසා SEO කිරිමේ අවශ්‍යතාවක් මතු වේ.

තව දුරටත් නොතේරුනා නම් SEO කියන්නේ සෙවුම් යන්ත්‍රයක වෙබ් අඩවියක් රැන්ක් කරන එක.

SEO කියන Updatable මාතෘකාව පිළිබදව තවදුරටත් කතා කළොත් මෙය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා.

Whitehat SEO..

Whitehat SEO කියලා කියන්නේ සෙවුම් යන්ත්‍රයක නීති රීති වලට අනුකූළව Optimize කරන එක.මේක Google එකට පමනක් පොදු දෙයක් නෙවෙයි.ඇතැම් අය Search Engine එකකට පිළිගන්නෙ Google විතරයි.ඒකට හේතුව තමයි ඔවුන් වැඩි පුරම භාවිතා කරන්නේ ඒක නිසා.නමුත් Google යනු හුදෙක් පරිශීළකයන් බහුතරයක් භාවිතා කරන සෙවුම් යන්ත්‍රයක් වුව ද එය ම පමනක් නොවේ SE වලට

උදාහරණ.=high quality content development, website HTML optimization and restructuring, link acquisition campaigns supported by high quality content and manual research and outreach.

Black hat SEO

Black hat SEO කියලා කියන්නේ සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය සදහා ඇති රෙගුලාසි වලට විරුද්ධව ප්‍රශස්තකරණයහි යෙදීමයි.ඕනෑම සෙවුම් යන්ත්‍රයක් දිනෙන් දින යාවත්කාළින වෙනු ලබයි.මොවුන් බොහෝ සේ කෘතීම බුද්ධියට නෑකම් කියනු ලබයි.එම නිසා යම් පුද්ගලයෙකු නොදැනුවත් කමින් හෝ දැනුවත් කමින් සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණහී නීති රෙගුලාසි කඩ කරයි නම් යම් කාළයක් සදහා ඔබගේ වෙව් අඩවිය සෙවුම් යන්තරයක් තුළ ඉහල සෙවුම් ප්‍රතිඵල වල දැකිය හැකි වේ.නමුත් එය තාවකාලික වේ.මෙහි ප්‍රතිපලය සදා කාලිකව සෙවුම් යන්ත්‍රයක් තුලින් ඔබගේ වෙබ් අඩ්විය කිසිදු දැනුන් දීමකින් තොරව අයින් කිරීම සිදු කරනු ලබයි.

උදාහරණ=: link spam, keyword stuffing, cloaking, hidden text, and hidden links.

හරි.අපිට Black Hat SEO ගැන තව දුරටත් කතා කරන්න අවශ්‍ය නෑ.මොකද SE එකක් රවට්ටලා ,වන්චා සහගතව SEO කරන එක සාර්ථක නෑ

ඔබ දන්නවා ද?

ඇතැම් සේවා සපයන ආයතන විසින් මෙම Black Hat SEO ක්‍රමය අනුගමනය කරයි.

අපි අද කතා කරන්නෙ White Hat SEO පිළිබදව.White Hat SEO වලත් ප්‍රධාන කොටස් දෙකක් තියනවා

On Site SEO
Off site SEO

On site SEO කියන්නේ වෙබ් අඩවිය ඇතුළේ කරන්න ඔන දේවල්.මේක සම්පූර්ණයෙන්ම ඔයාගෙ අතේ රැදිලා තියන ක්‍රියාවක්.ඉස්සෙල්ලා කිව්වා වගේ SEO වල තියන සෑම කොටසක්ම දවසෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.

On Site SEO කියන එක ගත්තහමත් තවත් කොටස් දෙකක් බෙදෙනවා

On page SEO
Off page SEO

On page SEO කියලා කියන්නේ Page එකක් ඇතුළේ කරන්න ඕන SEO Practises.මේක Manual කරන්න තියන දෙයක්.ඒක නිසා වඩාත් සැළකිළිමත් විය යුතුයි.

Off Page SEO-On Page SEO කියන්නේ වල අනිත් කොටස තමයි අපි මේ දැන් කතා කරන Off site SEO.මේකේ වෙන්නෙ Page එකෙන් පිටත කරන්න ඔන දේවල්.මේකත් අපි මැනුවල් කරන්න ඕනි දෙයක් නිසා වඩාත් සැලකිළිමත් විය යුතු වෙනවා.

*********

දැන් ඔය මොනවා කරන්නත් වෙබ් සයිට් එකක් කරන්න එපැයි.ඔව් ඔව්.වෙබ් එකක් බ්ලොග් එකක් තියන අයත් කියවනවා ඇති..ඒත් වෙබ්/බ්ලොග් නැති අයත් ඉන්නවා වෙන්නත් පුලුවන් නේ.ඒ අය වෙනුවෙන් කතා කරමු මුළ ඉදන්. වෙබ් එකක් බ්ලොග් එකක් කරන්න කලින් අපි හිතන්න අවශ්‍ය කරුණු තියනවා.මොකද ඒ කරුණු SEO වලට වැදගත් නිසා.

ඔයා මොකක් ද කරන්නෙ කියලා හිතන්න?

ඔයා දැන් කරන දේ නෙවෙයි.වෙබ් එක කරන් යන අරමුණ ගැන හොදට හිතන්න.මොකක් හරි Service එකක් දෙන්න ද ? එහෙමත් නැත්නම් වෙනත් දෙයක් ද කියලා පැත්තක් තෝර ගන්න.මේ දවස් වල මම දැක්ක තවත් දෙයක් තමයි තව කෙනෙක් කරන පලියට වෙබ් එකක් කරන එක.තව කෙනෙක් කරා කියලා ඔයා ඒ දේම කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ කියලයි මම හිතන්නෙ.ඒ දේම කලත් කලින් කල පුද්ගලය භාවිතා කරපු Domain එකේම අකුර දෙකක් එහෙ මෙහෙ කරලා ඒකම කොපියි කරන්න.ඒක අපේ උප්පැන්නෙන්ම ආපු එකක්..මිනිස්සු අල්ල ගත්තෙ නැති පැත්තක් තෝර ගන්න.

Niche එක ට අදාලව Competition එක බලන්න.

Niche එකක් කියන්නෙ හිඩසැකටනේ.ඔව්.ඒත් Niche එකක් කියන්නෙ මූලික මාතෘකාවක් .මාතෘකාවක් තෝරගන්න කලින් අපි හිතන්න ඕන ප්‍රධානම දේ තමයි ඇත්තටම ඔයා ඒ තෝරගන්න මාතෘකාවට දක්ශ ද නැද්ද කියන එක.ඕන කෙනෙක් තෝරගන්නෙ තමන් දක්ශ එක.නමුත් ඇතැම් අය කරන්නෙ Niche එකට Competition එක අඩුයි නම් ඒක තෝරගන්න එක.නමූත් මූලික සිද්ධාන්තය නම් ඔබ තෝරාගන්න මාතෘකාවට ඔබ දක්ශ විය යුතු බවයි.එය එසේ නොවන්නෙ නම් ට්‍රැෆික් එක දසදහස් ගනන් පැමිනුනද ඔවුන් වැඩි  වේළවක් වෙබ්/බ්ලොග් අඩවිය තුළ නොරැදෙනු ඇති.එම නිසා Bounce Rate එක වැඩි වනු ඇත.

වෙබ් අඩවිය නිර්මාණය

ඔබ දක්ශ මාතෘකාවක් තෝරාගත් පසු ඒ සදහා කම්පෙටිශන් එක බලන්න.මේ සදහා ඔබට කැමති Keyword Research සදාහා භාවිතා කරන Tool එකක් භාවිතා කළ හැකිය.Keyword Difficulty අඩු නම් ඔබට වඩාත් පහසුවෙන් සෙවුම් යන්ත්‍යක් තුළ රැන්ක් කරකර ගත හැකි වනු ඇත.වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ දී කරුණු කිහිපයක් සැලකිළිමත් විය යුතු වෙනවා.මම නම් අනුමත කරන්න වෙබ් අඩවියක දට්ග්ත තැන්පත් කරන්න VPS(Virtual private Network) එකක්.Shared එකක සයිට් එකක් තියනවා කියන්නෙ ටිකක් අවදානම්.ඔයා මේ ෆීල්ඩ් එකට අලුත් කෙනෙක් නම් Shared එකක් භාවිතා කළාට ප්‍රශ්නයක් නෑ.නමුත් මම යෝජනා කරන්නෙ VPS එකක්.VPS එකක වාසි බොහෝමයක් තියනවා.විශේශයන්ම සර්වර් එක ඩවුන් යන්න තියන ප්‍රතිශතය හුගක් අඩුයි.වේගවත්,ආරක්ශාකාරී….බ්ලා බ්ලා…ඔය වගේ කරුණු කිහිපයක්

අනිත් කරුණු තමයි Domain එක.ඔයා බ්ලොග් එකක් කරන් හිතන් ඉන්නවා නම් New Technology’s ගැන  ඒ සම්බන්ධ Domain එකක් මිළදී ගන්න සිද්ද වෙනවා.ඔයා ගන්න Domain එක ඔයා කරන්න යන Niche එකට අදාල නැත්නම් හුගක් වෙලාවට ඒක ප්‍රශ්නයක් වේවි.නමුත් Domain එකේ ප්‍රශ්නයක් වෙන් නෑ.මම අදහස් කරන්නෙ ඔයාට හැකියාවක් තියනව නම් ඔයා කරන Keyword එකක් හො දෙකක් Domain එකට ඇතුළත් කරන්න ලොකු ට්‍රැෆික් එකක් SE හරහා අරන් එන්න පුලුවන් වෙව්.Domain name එක ගනිද්දී ඔයා මතක තියාගන්න ඕන තවත් කරුණක් තමයි ඔයා ගන්න වසම් නාමය තවත් කෙනෙක්ට මතකෙ තියාගන්න පුලිදන් ද කියන එක.ඔයාගෙ කන්ටෙන්ට් එක වැදගත් නම් පරීශීළකයෙජ්ට අවශ්‍ය සෙවාවක් ලබා දෙනව නම් පරිශිළකයට මතකයෙන් වූව ද වබ්ලොග් අඩදියට එන්න පුලුවන්.එම නිසා ඔබ තොරාගන්න වසම් නාමය පිළිබදව සැළකිලිමත් විය යුතුයි.

මෙම කාරණාවේ දී Competition කියන එක බල පානවා.මොක ද ඔයා කරන Niche එකට තරගකාරිත්වය බොහො සෙයින් වැඩි නම් ඔබා ඔබගෙ බ්ලොග් එක රැන්ක් කර ගන්න කාළයක් ගත වේවි.සමහරක් විට කාළයක් යන නිසාම ඔබට එපා වෙන්නත් පුලුවන්.ඉතින් මම ඉස්සල්ලාම කිව්ව වගෙ මාතෘකවක් තෝරගනිද්දී සැලකිලිමත් වෙන්න

Script/CMS

මේන් මේ මාතෘකාව නම් ටිකක් සුවිශේෂී.මොක ද  හුගක් අය අහලා තිබ්බ දෙයක් තමයි SEO වලට Customize කරපු Script එකක් අවුලක් නැද්ද?.එහෙමත් නැත්නම් CMS එකක් හරි යන් නැද්ද කියලා

මොකක් ද මේ CMS එකක් කියන්නේ

CMS එකක් කියන්නේ Content Management System එකක්.හොදම උදාහරණය තමයි WordPress ,Wix,Magento …වගේ Software.මේවා අපිට නොමිළේ ලබා ගන්න පුලුවන් සේවාවන්.

අපි WordPress  Software එක ගමු.මේක ගැන කතා කරද්දූ හුගක් අයට පැටලෙන දෙයක් තමයි WordPress.com සහ WordPress.Org කියන්නේ.

ඒක නිසා මේ දෙකේ වෙනස්කම් ගැනත් කතා කරමු

WordPress.com සහ WordPress.org  වෙනස්කම්,



WordPress.com සහ WordPress.org  වෙනස්කම්,



WordPress.com

ඔබට WordPress.com සමග වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් ඔවුන් ඔබට සපයන්නෙ  WordPress.org වලට වඩා ඉතාම සිමා සහිත වූ සෙවාවකි.
ඔබට ඔබගේම වූ Server එකක WordPress.com වෙබ් අඩවිය තැබීමට හෝ Download කිරීමට නොහැකිය..
එසේම WordPress.com ඔබට ලබා දෙන්නෙ ඔවුන්ගේ යටතේ ඇති උප වසම් නාමයකි(Sub domain name).උදාහරණයක් ලෙස
             Sitename..WordPress.com


ඔබට එයට ඔබගේ වසම් නාමයක්(Domain) දමීමට අවශ්‍ය නම් එ සදහා wordpress.com සමාජිකත්වය Premium ලෙස Upgrade කර හැකි අතර එහිදී ඔබට කැමති වසම් නාමයක්(Domain name) මිළදී ගැනීමට හැකිය.නමුත් එ සදහා ඉහළ අගයක් ගෙවීමට ඔබට සිදුවේ.එයට වෙනත් Theme එකතු කළ නොහැකි  අතර ඔබට අමතර Plugin එකතු කිරීනට ද හැකියාවක් නැත.
WordPress .com බාගත කිරීමට නොහැකි  අතර එම නිසා කිසිදු Server එකකට උඩුගත(Upload ) කිරීමට නොහැකිය.

WordPress.org


WordPress.org යනු WordPress.com වලට වඩා හාත්පසින්ම වෙනස් User friendly විවෘත මෘදුකාන්ගයකි.මෙය ලොව පුරා ඉතාමත් ප්‍රසිද්ධ මෘදුකාන්ගයක් වේ.
ඔබට ඔනැම මොහොතක WordPressorg මෘදුකාන්ගය බාගත (Download) කළ හැකි අතර ඒ සදහා ඔබට කිසිදු මුදලක් වැය කිරීමට අවශ්‍ය නැත.එම නිසා ඔබ සතු පරිඝනකයේද Local host මගින් මෙය භාවිතා කල හැක
සීමා රහිතය.බ්ලොග් අඩවි නොව ඉන් ඔබ්බට ගිය නිර්මාණයන් කිරීමට ද WordPressorg මෘදුකාන්ගය සමන් වි ඇත.
* Blog
*  E commerce
*  Company…

ලෙස ඕනැම ආකාරයක වෙබ් අඩවියක් WordPress.org මගින් නිර්මාණය කළ හැකිය


සීමා රහිතව Theme,plugin එක් කළ හැකි අතර එවා Customize කිරීමේ හැකියාව ද මෙමගින් ලබා ගැනීමට හැකිය.
ඔබට මිළදී ගත් ඔනැම වසම් නාමයක්(Domain name) ඔබගේ Server හරහා මෙයට සම්බන්ද කිරීමට හැකි වීම තවත් විශේෂ ලක්ශනයකි.

හරි ඒ ටිකත් තේරුනා කියලා හිතුනා.මට අවශ්‍ය මේක කියවන හැමෝටම කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ලිපිය තේරුම් කරන්නයි.එක නිසා ලිපිය ටිකක් දීර්ඝ වැඩී.

දැන් ඔයාලටත් තේරෙන්න ඇති මන් මේ  කතා කරන දේ පිළිබදව.

SEO කරන්න WordPress වගේ CMS එකක් අවුලක් නැද්ද?

කිසි සේත්ම ප්‍රශ්නයක් වෙන් නෑ.SEO සදාහාම වෙන්වූ Plugin ඕන තරම් තියනවා.ඒක නිසාම ඔබට වඩාත් පහසු වන්‍ය් ඇති.

වෙනත් SCRIPT

WordPress එක්ක ඔයා හදාගත්ත සයිට් එකක් සන්සන්දනය කලොත් Wp වල ඔයා මොකක් හරි ආර්ටිකල් එකක් දැම්මත් ඒකේ SEO Responsive එක SEO ISSUE  තියනවනම් Plugin හරහා බලාගන්න පුලුවන්..නමුත් ඔයා කෝඩින්ග් වලින් වගේ හදාගත්ත අයිට් එකක නම් මේ දේ බොහෝ දුරට ඔයාට මැනුවල් කරන්න සිද්ධ වෙනවා ඒ වගේ අවස්ථාවල දී ඔබ වඩාත් සැළකිලිමත් විය යුතුයි.මොක ද ඔබට අඩු පාඩු පෙන්වීමට කිසිම Plugin එකක් එහි නොමැති නිසා.එම නිසාම ව්ව්නත් SEO Issue ගැන දත්ත ලබා දෙන  තුන්වන පාර්ශවය් වෙබ් අඩවි ගැන ඔබ දැනගත යුතුයි.එපමනක් නොව ව්ම Tools භාවිතා කිරීමට ද දැනුවත් විය යුතු වනවා.

හීනියට වගේ හුගක් අය මග අරින මාතෘකවක් තමයි මේ Theme එක කියලා කියන්නේ. මම දැක්ක දෙයක් තමයි ලන්කාවෙ ඉන්න අයTheme එකක් යූස් කරද්ද ඒක ගැන හිතන් නෑ

ඔයා භාවිතා කරන Theme එක Responsive වෙන්න ඕන

Content එකට අදාල වෙන්න ඕන

Complex Layout,Flash animation ,Hard Color වගෙව් භාවිතා කරන්න එපා.Simple Design එකක් දෙන්න.

Browser Compatibility

හැම Browser එකකටම ඔයාගෙ Site එක එකම විදියට පෙන්වන්නේ නෑ.එක එක ගැටලු ඇති වෙන්න පුලිවන්.ඇතැම් Browser සදහා බ්ලිග් එක Perfect විදියට පෙන්නුවත් ත්වත් Browser වලට එහෙම නොවෙන්න පුලුවන්.මොක ද සෑම පරිශීළකයම එකම Browser එක භාවිතා කරන් නෑහැ.

Plugin

Plugin එකක් භාවිතා කරද්දී ඒ හුගක් අය Recommend කරපු Plugin භාවිතා කරන්න.මොක ද සමහරක් Plugin නිසා සයිට් එක Down යන්නත් පුලුවන්

Nulled Theme

මේක කතා කරන්නම ඕන මාතෘකාවක්.හුගක් අය Theme භාවිතා කරනවා.ඒත් සමහර්ක් විට ඒ Theme එයාලා මිළදී නොගත් කුමක් හෝ මාධ්‍යක් හරහා ගත්ත Theme එකක් වෙන්න පුලුවන්.ඒ වගේ Theme වල Malware තියන්න පුලුවන්.සයිට් එකට තීම් එක දාලා ටික දවසක් ගිහින් සයිට් එක Down යන්න,ඇක්සස් කරන්න නැතුව යන්න පුලුවන්.ඒක නිසා සැළකිලිමත් වන්න.ලන්කාවේ ඉන්න හුගක් කරන්නෙ ඔය විදියට එක එක තීම් පාවිච්චි කර්න එක.

SEO friendly

අපි මෙහෙම හිතමු.ඔයා SE එකක් ඔයාගෙ සයිට් එක ගැන අවබෝධයක් ලබා ගන්න නම් එයාක්ගෙ නිතී රිති වලට අනුකූලව වැඩ කරන්න ඕන.ඒ විතරක් නෙවෙයි හැම දේම Complex කරන්න එපා.එතකොට ටිකක්  අමාරුයි.අපි මේ ගැන On Page SEO Part එකේ දි කතා කරමු

Niche එකක් තෝරගමු ද?

මේක තමයි වැදගත්ම මතෘකාව.මොක ද Niche , එක කියන්නෙ අත්තිවාරම වගේ.මේක වැරදුනොත් රැන්ක් කරගන්න අමාරුයි.මන් රැන්ක් කරගන්නබෑ කියන් නැ කොතනක දුවත්.මොක ද SEO ගැන මට වඩා දන්න මිනිස්සු ඕන තරම් ඉන්න නිසා.

Niche  කියන එකේ සින්හක තේරුම තමයි හිඩැස කියන එක.හරි මේක හොද හැරවුම් ලක්ශයක්.මොක ද අපි කරන්න හැමොම නොකර දෙයක් වෙන්න  නම් වඩාත් හොදයි.අනිත් අය නොකර දෙයක් ඔයාට කරන්න පුලුවන් වුනාටත් වැඩක් නෑ.ඒ Niche එකට මිනිස්සු Interest නැත්නම්.

Buy full seo coure

මේ සියලුම පාඨමාළාව Video Lesson පාඨමාළාවක් ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍යයි නම් පහත ලින්කුවෙන් මිළදී ගන්න.මෙම ලිපියේ කතා කරනු ලැබූ කරුණු වලට අමතරකව ප්‍රායෝගිකව පැය හතක කාල සීමාවක් පුරා SEO සහ Web Design යන මාතෘකා දෙක පිළිබදව සරළව කතා කරනු ලැබේ.

මිළදී ගන්න = takas.lk/web-design-and-seo-lesson-kit.html

හරි තව අනං මනං කියන්න ගියොත් ඔයාට න්‍රෙ කියවන ආර්ටිකල් එකත් එපා වෙනවා.ඒක නිසා අපි ලොකුවටම කතා නොකර ඉමු.මොක ද මේවා ගැන ලියන්න ගියොත් මගේ ඇගිලි ටික ඉතුරු වෙන්නෙ නෑ.

ඔයාල අහලා ඇති Sub Niche,Micro Niche කියන වචන දෙක.මේ දෙක හුගක් වැදගත්.අපි ඒ ගැන කතා කරමු.

  • Niche=Niche කියන්නෙ SEO වල මූලික මාතෘකාවට.හිතන්න ඔයා බ්ලොග් එකක් කරන්න යනවා “New Technology” කියන එක ගැන.නමුත් මේකට තරගකාරීත්වය වැඩී.ඒක නිසා අපි බලමු Sub niche කියන්නෙ මොකක් ද කියලා.
  • Sub Niche=Sub Niche එකක් තෝරා ගැනීමේ අවශ්‍යතාවය මතු වෙන්නේ Niche එකට තියන Competition එක වැඩි නිසා.ඇතැම් විට මේක ඔබගේ තෝරා ගැනිම මත වෙන්ස් වේ.මෙතන Sub Niche එකක් විදියට අපි  “New Technology” කියන එක තව කොටසකට කඩනවා.ඒක අපි තව පැහැදිලි කලොත් අපි ප්‍රධාන Niche එක තවත් කොටසකට Niche එක කඩන්නේ ඒකට තියන Competition එක අඩු කරගන්න.මෙතන Sub  Niche එක විදියට අපිට ගන්න පුලුවන් Internet Of Things කියන Sub Niche එක.එතනත් තරගකාරිත්වය වැඩි නම් අපිට සිද්ධ වෙනවා Micro Niche එකක් තෝර ගන්න.
  • Micro Niche=Micro Niche එකක් තෝරගන්න අවශ්‍යම වෙන්නේ Sub Niche එකට තියන්න තරගාකරීත්වය වැඩි නම් අපිට සිද්ධ වෙනවා Micro Niche එකක් තෝරගන්න.Micro Niche  එක් විදියට ගත්තොත් අපිට ගන්න පුලුවන් “Cloud Computing ” කියන එක.බොහෝ දුරට Micro Niche එකට Competition එක අඩු වේ.

ඉහත සදහන් කල උදාහරණය වන “New Technology” කියන මාතෘකාව අරන් ආවේ මේ ලිපිය කියවන අයට වඩාත් පැහැදිළි කිරීම සදහායි.

Competition  එක කියන්නේ මොකක් ද?


Competition එක කියන්නේ තරගකාරිත්වය ට.අපි උදාහරණයක් ගමුකෝ  “Technology” කියන එක.නමුත් මේකට ලොකු තරග කාරීත්වයක් තියනවා.තරගකාරීත්වය වැඩි.අපිත් ඒ අස්සෙ මේ ගැනම සයිට් එකක් කරොත් රැන්ක් කරගන්න හුගක් අමාරුයි.ඒක නිසා Competition එක අඩු දෙයක්.තරගකාරිත්වය වැඩි දෙයක් කරත් Unquiet දෙයක් කරන්න පුලුවන් වඩාත් හොදයි.ඉතින් මන් හිතනවා Competition එක කියන්නේ මොකක් ද කියලා ඔයාලට තේරෙන්න ඇති කියලා මම හිතනවා.

Keyword Research -KW Research

ඔයා කරන Niche එකට අදාලව KW Research කිරීම අත්‍යවශ්‍යයි.මොක ද අපි දැනගන්න ඕන අපි භාවිතා කරන්න හදන KW එක මොන තරම් මිනිස්සු හොයනව ද කියලා එහෙමත් නැත්නම් ඒ Niche එකට ඒ KW එක හොදද නැද්ද කියලා අපි තෝරා බේරා ගත යුතු වෙනවා.එම නිස අපි KW Research කිරීම අනිවාර්‍යයි.

On page SEO

On page SEO ගැන කතා කරද්දී හුගක් දේවල් කතා කරන්න තියනවා.මේක කියෙව්වට වැඩක් නැ ප්‍රැක්ටිකලි කරන් නැත්නම්.ඒක නිසා ප්‍රායෝගිකව කරලා බලන්නම වෙනවා.On oage SEO ගැන සරළව කතා කරමු.

SEO Friendly URL

URL-Uniform Resources Location.Url එක  කියන්නෙ මොකක් ද කියලා දන්නවා ඇතිනේ.මොක ද තව දුරටත් මේ ගැන පැහැදිලි කරනවා කියන්නේ මේක කියවන කෙනෙක්‍ට අපහසු වෙන්න පුලුවන්.

ඔයා ආර්ටිකල් එකක් ලියනවා වෙබ් එකේ “What is SEO” කියන එක ගැන.එතකොට ඔයා ලිඑව කන්ටෙන්ට් එකට අදාලවත් නැති URL එකක් දැම්මොත් ඒක Friendly වෙන්නෙ නෑ.

ඒත් අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණක් තමයි URL එකක් ඇතුළත් කිරීමේ දී ඔබ ඇතුළත් කරපු URL එකට එම පේජයට Target කරන Keyword එක ඇතුළත් කිරීම අනිවාර්‍ය වේ.

නිවැරැදි ක්‍රමය -Tweet.lk/What-is-SEO

Title with KW

ඔයා ටයිටල් එකට ඔයා Target කරන KW එක ඇතුළත් කරන්න.

Title එක ගැන කතා කරද්දී Title එක ට Atractive and Unquiet වටිනාකමක් ලබා දෙන්න.උදාහරණයක් විදියට What is SEO කියන එක අපිට තවදුරටත් Modifier කරන්න පුලුවන්.


What is SEO-Full guide for Begginer
Learn SEO  Basic with 10 TIPS

LEARN SEO FAST.

Long tail Kw එකක් Title එක ලෙස භාවිතා කරන්න.

Use H Tags

Heading Tags භාවිතා කරන්න.ඔයා භාවිතා කරන හැම Heading Tag එකකටම ඔයා Focus කරන KW එක ඇතුළත් කරන්න.

Include target keyword

කන්ටෙන් එකහි මුල් වචන 100 ට Focus කරන KW එක ඇතුළත් කරන්න.නමුත් සෑම තැනම ඇතුළත් නොකරන්න.

Use Outbound Link

මෙතන කරන්නේ ඔයා ලියන කන්ටෙන්ට් එකට සමාන  තවත් කන්ටෙන්‍ට් එකක් තියන   Googleවැනි සෙවුම් යන්ත්‍ර හරහා නිතරම පරිශීළකයන් පැමිනෙන වෙබ් පේජ් එකක්  සම්බන්ධ කරන එක.මේකෙන් වෙන්නෙ අපි Search Engine එකට කියනවා ඉහත සදහන් කල කන්ටෙන්ට් එක තියන වෙබ් පේජයේ ඇති කන්ටෙන්ට් එකට අපගේ පේජයේත් අන්තර්ගතය සමාන බව.

2-5 Outbound link වචන 1000 ට ඇතුළත් කරන්න…

Use Internal Link

ඔබ කලින් පල කල ලිපි පිළිබදව අලුත් ලිපියට සම්බන්ධ කරන්න.එය මෙසේ සිදු විය හැකිය.ඉබ What is SEO ලෙස ලිපියක් ලියනවා යැයි සිතන්න.එවිට ඔබ කලින් Blackhat SEO ගැන වෙනම ලිපියක් ලියා ඇත්නම් ර්‍ය ලිපිඅය ඇතුළත් කර ඒ  හරහා පාඨකයන්ඨ වැඩි දුර කියවීමට අවස්ථාව සලසා දෙන්න.

Boost Site Speed

මේක නම් වැදගත්ම කරුණක්.සයිට් එකේ ස්පීඩ් එක නැත්නම් හුගක් පරිශීළකයන් ඔබගේ අන්තර්ගතයන් වෑළද නොගනු ඇති.එම නිසාම ඔබ වෙබ් අඩවියහි දත්ත තැනොඅත් කරන සර්වර් එක පිළිබදව මූලිකව අවධානය යොමු කරන්න.CDN එකක් සහිත VPS එකක් භාඑඉතා කරන්න.

Use lSI KW

LSI KW කියන්නෙ අපි search කරන  KW zekata අදාලව එන Search Result එකේ  යටම අපිට Suggest කරලා තියන Relavance Kewords Or key phrase ටිකට.

LSI keyword Genarate Tools=lsigraph.com/

ඔයා කන්ටෙන්ට් එකට ඇතුළත් කරන්නෙ What is SEO කියන එක පිලිබදව ලිපියක් නම් ඔයාට පුලුවන් ඔයා ලියන ලිපියට LSI KW ඇතුළත් කරන්න.ඒ සදහා වෙනම Tools තියනවා.

Long Content Post

SE එක මනුස්සයෙක් නෙවෙයි.එයා Prgram කරපු Artificial Program එකක් විදියටත් අර්ථ දක්වන්න පුලුවන්.මම ඉස්සල්ලා කිව්වනෙ ඔයා අර්ටිකල් එකක් ලියනවා What is SEO කියලා.එතකොට උදාහරණයක් විදියට ගත්තොත් Google එකේම මොන තරම් Search Result තියනව ද ?What is SEO කියන ප්‍රශ්නය සම්බන්ධව.

ඔව් අපි කරන්න ඕන Unic දෙයක්.හැමෝම කරල තියනවා වගෙ වචන 100 න් වගේ ආර්ටිකල් එකක් ලියන්න එපා.ඔයාට ඉක්මනට පේජ් එක රැන්ක් කර ගන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නෙ ටිකක් දිග ආර්ටිකල් ලියන එක.එතකොට SE එක අදුනගන්නවා මේ පේජ් එකෙ ලොකු විස්තරයක් තියනවා කියලා.ඉතින් ඒකත් තවත් හේතුවක් තමයි පේජ් එකක් උඩට අරන් එන්න.

Image Optimization

මේක නම් Boost website කියන එක යටතේ කතා කරන්න තිබ්බ මාතෘකාවක් අර්ටිකල් එකට හරි සයිට් එකේ කොතනට හරි Img එකක් Upload කරද්දී ඒ Img එක 100KB වලට අඩුවෙන් තියන්න.නැත්නම් ලෝඩ් වෙන්න හුගක් වෙලා යනවා.එහෙම නැත්නම් Image Optimization කරන Plugin එකක් හරගා Image Optimization කරන්න.

Use ALT Tags For Image

ඉමේජ් එකෙ AlT Tag සදහා  ඔබ ආර්ටිකල් එක සදහා ෆෝක්ස කරනු ලැබූ Keyword  එක ඇතුළත් කරන්න.

Meta Keywords

Meta Keyword කියන්නෙ තවත් වැදගත්ම කරුණක්.මොක ද keyword වලින් SE එක පරිශීලකයකු සොයන දේ අපගේ වෙව් අඩවියෙ කන්ටෙන්ට් එකේ කොතනක හෝ අඩන්ගු වේ නම් අපගේවෙබ් අඩවියත් සෙවුම් ප්‍රතිඵල ඒ අනුව පෙන්වා දීමට උපකාරි වෙනවා.

Meta Title

Meta Title කියලා කියන්නේ අපි හොය්න සෙවුමකට අදාළව සෙවුම් යන්තරයක් විසින් ලබා දෙන සෙවුම් ප්‍රතිඵායහි අඩන්ගු Title එකයි

Meta Description

තවත් වැදගත් කරුණක්.හුගක් වෙලාවට අපි මොනවා හරි Google එකේ search කරාම වෙබ් අඩවියේ title එකට යටින් පෙන්නනේ Meta Description එක.ඒක නිසා Meta Description එකටත් අපි Target කරන KW එක ඇතුකත් කල යුතුයි.

**********


Off Page SEO කියන්නෙ පේජ් එකෙන් පිට කරන SEO practises.White Hat SEO වල තියන අමාරුම Part එක තමයි Off page SEO කියන්නේ .මේ ගැන සවිස්තරාත්මක විස්තරයක් ඔයාලට දෙන්න ඕන නිසා ඒ පාර්ට් එක වෙනම ගේන්න කල්පනා කලා.මොක ද ඔකොම එකට දුන්නහමත් අපේ අයට අගයක් නෑ නේ.අපි Off page SEO ගැන වෙනම කතා කරමු.හැබැයි ඒ කොටසත් වෙනම ආර්ටිකල් එකකින් අරන් එන්නෙ නෑ.මේ ආර්ටිකල් එකටමයි අරන් එන්නේ ඒක නිසා මතක ඇතුව අපේ Newsletter එක Subscribers කරන්න අමතක කරන්න එපා.

On page SEO ගැන දීර්ඝතම ලිපියක් පල කරලා මාස තුනකට වැඩි කාලයක් ගත වුනත් Off page SEO ගැන කියන්න වෙලාවක් තිබුනේ නෑ.ඒක නිසා මේ කොටසින් කියන්නෙ Off Site SEO ගැන සවිස්තරාත්මකව.

Off site කියන්නේ අපි සයිට් එකෙන් පිට කරන්න ඕන දේවල්.හරි මූලික දැනුමක් තියන කෙනෙක්ට නම් සයිට් එකෙන් පිට කරන්න ඕන දේවල් කිව්වහම මතක් වෙන්නෙම බැක්ලින්ක් හදන එක විතරයිනේ.බැක්ලින්ක් අවශ්‍යයි.නමුත් අපි ඒ ගැනත් කතා කරමුකෝ.

Off page SEO

මෙතන Off Page SEO කියන්නේ අපි සයිට් එකෙන් පිට කරන්න ඕන දේවල්.සරලව කිව්වොත් On page SEO වලින් පස්සෙ  අපි සැලකිලිමත් විය යුතුම මාතෘකාව තමයි Off Page SEO කියන්නේ.අපි සයිට් එකෙන් පිට කරන SEO techniques ,ඔයාගේ වෙබ් අඩවිය සෙවුම් යන්ත්‍රයක තියන ස්ථානය තීරණය කිරීමට සමත් වෙනවා.අපි හරියට Offsite SEO part එක කරොත් ඒකම හෙතුවක් වෙනවා ගූගල් වඒ SE එකක අපේ පොසිශන් එක වෙනස් කරන්න.හුගක් අය අමාරුයි කියලා අත් හරින කොටසක්.

අද Tweet.lk ඒකෙන් ඔයාලට අරන් එනවා SEO Techniques කිහිපයක්

මොනාදා මේ Backlinks කියන්නේ?

සරලව කිව්වොත් ඔයාගේ සයිට් එකේ කුමන හෝ ලින්ක් එකක් වෙනත් වෙබ් අඩවියක් හරහා  නිර්මාණය කිරීම තමයි Backlink කියන්නේ.

හරි.මම උදාහරණයක් ගේන්නම්.
     අපි පාරේ යද්දී ගොඩක් වෙළද දැන්වීම් දකිනවා.හිතන්නකො ඔයා සාප්පු සන්කීර්ණෙකට  ට ගියා කියලා.ඔයා එතනදි දකිනවා සබන් කැටයක ඔෆර් එකක් ගැන දාපු ලොකු දැන්වීමක්.ඊට පස්සේ  ඔයා ඒ සාප්පු සන්කීර්ණය ඇතුළේ කීප පොලකම දකිනවා ඉහත කිව්ව සබන් කැටේ ගැන.ඉතින් ඊට පස්සෙ ඔයාට ඒ සබන් කැටේ ගැන යම් කිසි අවබෝධයක් එනවා.කොටින්ම කිව්වොත් මේ සබන් කැටේට මේ දවස් වල ඔෆර් එකක් යනවා කියලා හරි ඔයාගේ ඔලුවට වැටෙනවා.නමුත් ඒ දැන්වීම ඒ සාප්පු සන්කීර්ණය ඇතුළෙදී ඔයා එක පොලකනම් දකින්නේ ඔයා ඒක ගැන ලොකු උනන්දුවක් දක්වන් නැ.

ඒ වගේ තමයි SE එකත්.එයා මනුස්සයෙක් නෙවෙයි.ඉහත සදහන් කල උදාහරණයත් යම් තාක් දුරට ප්‍රායෝගිකයි.නමුත් ඔයාට බැක් ලින්ක් කියන්නේ මොකක් ද කියලා නිවැරැදි විස්තරය්ක් දෙන්න ඕන නිසා තමයි ඒ උදාහරණේ ඔයාලට අරන් ආවේ.අපි ඉහත සදහන් කරපු උදාහරණය පහත මාතෘකා වල සවිස්තරාත්මකව බලමු.

High quality nature Backlinks techniques


Ultimate Backlinks techniques

SE එක කැමති High Quality Backlink වලට..ඒකට ක්‍රම කිහිපයක් තියනවා.අපි කතා කරමු ඒ ගැන 

හුගක් අයට තියන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ Do Follow  සහ No Follow කියන්නේ කියලා,

Do Follow- බැක්ලින්ක් එකක් ගහද්දි අපි SE එකට කියනවා මේක බැක්ලින්කෙ එකක් විදියට ගන්න කියලා.

NofOLLOW -SE එකට කියනවා මේක බැක්ලින්ක් එකක් නෙවෙයි කියලා.

Niche Related Web site

ඔයා බැක්ලින්ක් එකක් හදනවනම් හදන්න ඕන  ඔයාගේ බ්ලොග් එකේ Niche  එක ට සමාන වෙබ් සයිට් එකක.

අපි ඒක ඉහත උදාහරණෙට සන්සන්දනය කරමුකෝ.හිතන්න සාප්පු සන්කීර්ණයේ නැතුව  රෝහලක්,හෝ පන්සලක් ,පල්ලියක්,පාසලක් අවට සබන් කැටේ ගැන සදහන් කලාට වැඩක් නෑ.මොක ද එතකොට ඒ දැන්වීම බොහෝ දුරට දකින්නෙ එම නිශ්පාදනය ගැන කිසිදු අවබෝධයක් හෝ උනන්දුවක් නැති කොටසක් වෙන්න පුලිවන්.නමුත් ඉහත උදාහරණයේ සදහන් කල ආකරයට  සබන් කැටේ ගැන දැන්වීම් තියෙන්නේ සාප්පු සන්කීර්ණේ ඇතුළේ නම් එතන ටාර්ගට කරන්නේ බඩු මිළදී ගන්බ ආපු  පාරිභෝගික ජනතාව.

ඒ වගේ තමයි ඔයාගෙ කන්ටෙන්ට් එකට අසමාන වෙනත් වෙබ් අඩ්වියක  Backlink හදනවා කියන්නේ ඒක රැන්ක් වෙන්න හේතුවක් වෙන් නෑ.නමුත් දැනටමත් SE එකේ කුමන හෝ Position  එකක තියනවනම් වෙබ් සයිට් එකේ යම් අන්තර්ගතයක් එයත් පහල යෑමට එය හේතුවක් වෙන්න පුලුවන්.

ඔබගේ වෙබ් අඩවියේ අන්තරගතයට සමාන නොවන වෙනත් වෙබ් අඩවි වල ඔබ Backlink නිර්මාණය කලහොත් SE හරහා ඔබගේ වෙබ් අඩවිය SPAM කාණ්ඩයට නම් කරනු  ඇතී.

Create Backlinks using content releted High traffic website

මේ ඔක්කෝම එකට ලියන්න පුලුවන්.ඒක මටත් ලේසී.ඒත් තවත් පැහැදිලි කරන්න ඕන නිසයි මෙහෙම ලියන්නේ.

අපි උඩ එකෙන් කතා කලේ බැක්ලින්ක් එකක් ගහන්න ඕන කන්ටෙන්ට් එක සමාන වෙබ් සයිට් එකකින් කියලා.නමුත් කන්ටෙන්ට් එක සමාන උනත් ඒ බැක්ලින්ක් එක ගහන වෙබ්සයිට් එකට ට්‍රැෆික් නැත්නම්  ඒකත් SEO වලට ලොකු ගැටලුවක් වෙනවා.ඉතින් ඔයා බැක්ලින්ක් ගහන්න ඕන කන්ටෙන්ට් එක සමාන ඒ විතරක් නෙවෙයි ට්‍රැෆික් තියන වෙබ්සයිට් වලින්.

උඩම තියන උදාහරණෙට සමග සන්සන්දනයක් කලොත් සබන් කැටේ ගැන සාප්පු සන්කීර්න දහයක ,පහලොවක ගැහුවත් වැඩක් නෑ.මොක ද ඒ සාප්පූ සන්කීර්ණ වලට පාරිභෝගිකයෝ එන්නෙ නැත්නම්.ඒ වගේ තමයි මෙතනදිත් වෙන්නේ.

Create Backlinks with High DA ,PA  Website

මේකනම් ඉහත උදහරණේ සමග සන්සන්දනය කරන්න අමාරුයීDA සහ PA යන සන්කල්ප දෙක අරන් ආවේ MOZ විසින්.

DA-Domain Authority 

ඕනම දේකට වටිනාකමක් තියනවා.ඒ වගේම තමයි ඪොමෛන් එකකටත් වටිනාකම් තියනවා.නමුත් මම මේ කතා කරන්නේ Domain එකේ මිළ ගැන නෙවෙයි..

අපි භාවිතා කරන SEO Techniques එක්ක අපේ බ්ලොග් එක රැන්ක් වෙලා නම් හුගක් පව්‍ර්පුල් ,High Quality බැක්ලින්ක් වැදිලා නම්  Domain Authority නමින් අගයක් දෙනවා.ඒ අගය වලන්ගූ වෙන්නෙ Domain එකට.මේ අගය 100 දක්වා තියනවා.මේ අගය වැඩි කරගන්න පුලුවන්.ඒකට නිවැරැදි SEO Practises කරන්න අවශ්‍ය වෙනවා.

PA-Page Authority 

DA වගේම තමයි PA එකත් .SERPs වල  පේජ් එකකට වටිනාකමක් අගයකින් දෙන්න හදපු Metric එකක් තමයි PA කියන්නේ.

හරි දැන් දැනගත්තනේ DA සහ PA කියන්නේ මොකක් ද කියලා .ඉතින් අපි බැක්ලින්ක් එකක් ගහද්දී මූලිකව හිතන්න ඕන තවත් කාරණාවක් තමයි බැක්ලින්ක් එක ගහන්න යන සයිට් එකේ DA එකයි PA එකයි හොදද කියලා.

DA සහ PA 60 ඉහල වෙබ් අඩ්වි වල ඔබ බැක්ලින්ක් නිර්මාණය කරන්නේ නම් ඔබට කෙටි කාලයක් තුල Powerful Backlink නිර්මාණය කිරීමට ද හැකියාව ඇත.

Valuable Information

අපිට බැක්ලින්ක් එකක් හදන්න පුලුවන් ක්‍රම ගොඩක් තියනවා.ඉතින් ඒක නිසා අපි මොන විදියට බැක්ලින්ක් එක හැදුවත් ඒ බැක්ලින්ක් එකට දෙන Anchor Text  එකේ හෝ මොන යම් කොටසක අපේ සයිට් එකේ නැති අන්තර්ගතයක්,පරිශීළකයන් ගෙන්වා ගැනීමට යොදනු ලැබූ බොරූ අන්තර්ගතයක් ඇතුලත් නොකරන තරමට ගොඩක් හොදයි.

Shareable Content

Content එක කියන්නෙම ගොඩක් වැදගත් දෙයක්.අපි මේ ඉන්නෙ 2019.මගේ අත් දැකීම් අනුව මම SEO වල  දැකපු ලොකු  අත්දැකීමක්  කියන්නම්.අපි දෙන්න ඕන මිනිස්සුන්ට වැදගත් දෙයක්.එහෙම නැතුව අපි ලියන්නෙ මිනිස්සු හොයන මාතෘකාවක් ගැන උනාට ඒ ග්අන ලොකු විස්තරයක් නැත්නම් ඒක රැන්ක් වෙන් නෑ කියලා සහතිවම මම කියනවා. Difficulty තියනවනම්.ඉතින් ආර්ටිකල් එකක් වගෙස් ලියනවනම් වචන 800+ වඩා ලියන්න.එතකොට SE අදුනගන්නවා මේක වැදගත් කන්ටෙන්ට් එකක් කියලා.එහෙමෙයි  කියලා ඒක එක පාරටම රෑන්ක් වෙන් නෑ.ඒකත් එක හේතුවක් SERPs වල ඔයාගේ සයිට් එක උඩට අරන් එන්න.මිනිස්සුන්ට වැදගත් දෙයක් තිබුනොත් ඒක මිනිස්සු ශෙයාර් කරනවා.ඒකෙන් SE දැනගනන්වා මේක ඉතාමත් වැදගත් කන්ටෙන්ට් එකක් තියන ආර්ටිකල් එකක් කියලා.

Social Media engagement

Social Media ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.Social Media හරහා අපිට පුලුවන් පේජ් එකක් හදන්න,අපේ කන්ටෙන්ට් එක ශෙයාර් කරන්න.එතකොට ඒ හරහාත් අපේ වෙබ් අඩවියට SE එක තුලින් ට්ගවත් වටිනාකමක් එකතු වෙනවා.

Bookmaking 

මෙතන දී Bookmaking කියන්නේ පොත් මාර්ක් කරන එකට නෙවෙයි.ඔයාලා දන්නවනේ Web page එකක්  Bookmark කරන විදිය.ආන්න ඒ විදියට පරිශීලකයෙක් අපේ වෙබ් අඩවිය වටිනවා කියලා හිතිලා Bookmark කලොත් ඒක  OFF page SEO වලට තවත් ලොකු වාසියක්.

Forum Submission 

ලන්කාවේ  Forum සයිට් නම් තියෙන්නේ අතේ ඇගිලි ගාන හා සමාන ප්‍රමානයක්.,Forum කියන්නෙ මොකක් ද කියලා දන්නේ නැත්නම්  ගිහින් Elakiri.com එක බලලා එන්න.මන් මෙතන කියන්න හදන්නේ අපි මොන කන්ටෙන්ට් එක කරත් එක ලන්කාවේ ෆෝරම් එකක දාන්න ඕන කියලා නෙවෙයි.ෆෝරම් එකකට උදාහරණයක් සදහා විතරයි ඒක කිව්වේ.

හරි..ෆෝරම් එකක් කියන්නෙ ගොඩක් සෙනග ගැවසෙන තැනක්.හුගක් වැදගත් Audience එකක් ඒ වගේ තැනක ඉන්නවා.ඉතින් අපිට පුලුවන් ඒ වගේ තැනක අපේ වෙබ් සයිට් එකේ ලින්ක් එක Do-Follow එකක් විදියට දාන්න.හැබැයි මෙතනදිත් හිතන්න ඕන කාරනෑ  නම් ගොඩක් තියනවා.ඒත් මන් එවා මොනව ද කියලා කියන්න යන් නෑ.කොටසක් මන් ලග තියාගන්නවා නෙවෙයි.නමුත් හරි අවබෝධයකින් යුතුව කියෙව්ව නම් ඔයාලට ඒ මොනාද කියලා තේරෙන්නත් ඕන.

Web 2.0 Submission 

මේකනම් හුගක් වැදගත්.හුගක් අය මේක ගැන නිවැරැදිව දන්නෙ නැහැ.Web 2.0 කියන්නෙ  Highly DA,PA තියන වෙබ් සයිට් වල   සබ් ඩෝමේන් එකක් හදලා අපේ වෙබ්සයිට් එකේ කන්ටෙන්ට් එකට දාලා අපෙ ඔරිජිනල් සයිට් ඒකට ලින්ක් කරනවා.

Guest  Blogging 

Guest Blogging ගැන කතා කරන්න ගියොත් ඒක හුගක් දිග මාතෘකාවක් වෙන නිසා සරල කරල කියන්නම්.අපේ කන්ටෙන්ට් එකට සමාන තවත් DA/PA හොද  සයිට් එකක අපේ සයිට් එක ගැන Post  එකක් දාන්න.ඉතින් මේක සල්ලි වලට දාන්නත් පුලුවන්.එහෙමත් නැත්නම් Exchange කරගන්නවා වගේ දෙයක් කරන්නත් පුලුවන්.

ඒ කියන්නෙ මම ගිහින් Tweet.lk එකේ වගේ කන්ටෙන්ට් එකක් තියන තවත් වෙබ් සයිට් එකක Admin එක්ක කතා කරලා කියනවා මට Guest Post එකක් දාගන්න ඕන කියලා.සමහරක් විට ඔහු සල්ලි ගන්නත් පුලුවන්.සක්ලි ගත්තොත් එයාගෙ බ්ලොග් එක ගැන අපි අපේ බ්ලොග් එකේ දාන්න ඕන නෑ.සල්ලි නොගත්තොත් එයාගෙ බ්ලොග් එක ග්ණ්නත් අපිට අපේ බ්ලොග් එකේ දාන්න පුලුවන්.

සරලවම ඔතන වෙන්නෙ ඔය දේ .

Guest Blogging අමාරුයි ද?

ඔව්.ටිකක් අමාරුයි.හැබැයි ඒකට විසදුම් කීපයක් දෙන්නම්.මෙතන ලොකු ගැටළුවක් තියෙන්න පුලුවන්.මොක ද අපේ කන්ටෙන්ට් එකට සිමිලර් ඒ විතරක් නෙවෙයි Guest post එකක් දෙන සයිට් එකක් කොහොමද තෝරගන්නේ කියලා.

ගූගල් කියන්නේ ලෝකෙ තියන ලොකුම සෙවුම් යන්ත්‍රය.ඉතින් අපිට ගූගල් එක හරහාම මේවගේ සයිට් හොයාගන්න පුලුවන්.

Keyword “Submit a guest post


Keyword “Write for us”

Keyword “Guest Post

ඔය විදියට ගූගල් එකේ හොයලා බලන්න.ඔයාට ඕන තරම් Guest post Accept කරන බ්ලොග් හොයාගන්න පුලුවන් වේවී.

******

තව ගොඩක් කරුණු තියනවා Off Page SEO ගැන ලියන්න.අපි ඒවා ගැන ඉස්සරහදි කතා කරමු.මේ ලිපිය ගොඩක් දිග වැඩි නිසා කියවන්නත් අමාරුයි ඇතිනේ.අපි වෙනම ලිපියකින් තවත් දේවල් ගැන පැහැදිලිව කතා කරමු.ආටිකක් එක හොද නම් කමෙන්ට් එකක් දාලා වෝට් කරන්නත් අමතක කරන්න එපා.



Please rate this


Like it? Share with your friends!

21
152 shares, 21 points
Tweet.lk

තාක්ෂනය කියන්නේ දිනෙන් දින අලුත් වන දෙයක්. විවිධ පැතිකඩ ඔස්සේ යාවත්කාලින තොරතුරු ඔබට පළමුවෙන් ම සහ ඉතා විස්තරාත්මකව සිංහලෙන්ම ලබා දෙන වෙබ් අඩවියකි.

0 Comments

Your email address will not be published. Required fields are marked *