Ultimate Guide SEO in Sinhala-Part 2 5/5 (1)


ටිකක් කාලෙකට පස්සෙ අද අරන් ආවේ  වෙබ් සයිට් එකක් කරන්න හිතන් ඉන්න කෙනෙක්ට කියන්න තියන වැදගත්ම කාරනා කිහිපයක්.ඉතින් මස්සීනා මීට කලින් මම දාපු දිගම දිග ත්‍රෙඩ් එකක් මෙන්න මෙතන ක්ලික් කරලා ගිහින් බලන්න.වාස දේසෙ නම් වැඩක් නෑ.සරලව කිව්වොත් මේ ටිකේ නම් පට්ට බිසියි.වැඩකට ඇති දෙයක් ලියන්න ඕන කියලා කල්පනා කරද්දී එක පාරටම මීටරේට ආවේ හුගක් අය අහපු ප්‍රශ්නයක් ගැන.අපි කතා කරමු මේ ත්‍රෙඩ් එකෙන් ඒ ගැන.

සයිට් එකක් හදලා Adsense Account එක ඇපෲ  කරගත්තහම ඇති ද?.

via GIPHY

ඉතින් කොල්ලනේ /කෙල්ලනේ උබලට හොද නම් මට මොක ද?.හැබැයි දෙයක් කියන්නම්.මොන වන්නම ගහලා හරි ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් ගන්න ඕන තැන ඉන්න එපා.මොක ද ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් නම් හැමෝටම ඇපෲ කර ගන්න පුලුවන්.හැබැයි ඒක හරියට බැන්කු ගිනුමක් ඕපන් කරලා සල්ලි නොදා ඉන්නවා වගේ වැඩැක්.මොක ද ඇඩ්සෙන්ස් තිබ්බට වැඩැක් නෑ,සයිට් එකට ට්‍රැෆික් එකක් එන් නැත්නම්,ට්‍රැෆික් නෑ කියන්නෙ රෙවෙනියු එකක් එන්නෙත් නෑ නේ.ඉතින්

ඒකට ලෝව් කම්පෙටිශන් නිච් එකක් තෝරගන්න ඕන.මතක තියාගන්න මස්සිනා නිච් එක ලෝව් කම්පෙටිශන් උනාට වෑඩක් නෑ හයි සර්ච් වොලියුම් එකක් නැත්නම්,සර්ච් වොලියුම් එක මොන තරම් තිබ්බත් වැඩැක් නෑ ක්ලික්ස් නැත්නම්.ඒක නිසා සයිට් එකක් හදලා ඇඩ්සෙන්ස් ඇපෲ කර ගත්තාම ගේම් එකෙන් 50% ක් වත් ගැහුවා කියලා හිතන්න එපා.

හොද Niche එකක් හොයන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන් ද?

via GIPHY

අපෝ බෑ.මේ ටිකෙ බිසියි.දන්න දේ මේකට දාන්නම්.අඩු ලුහුඩු තියනවනම් අතින් දාල උවමනා ටික ඇහිදගන්න.ආතල් එකට වගේ ත්‍රෙඩ් එක දැම්මට  නොදන්න කෙනෙක්ට ගන්න දේවල් තියෙවි.

මෙන්න මේකයි මස්සිනා.උබට ඇඩ්සෙන්ස් ඕනවට, ඇඩ්සෙන්ස් ගන්න පුලිවන් නිච් එකක් හොයාගෙන සයිට් කලොත් උබ ෆේල්ඩ්.උබට පුලුවන් දේ මොකක් ද කියලා හිතපන්.කී වර්ඩ් නෙවේ,උබ උබ ගැනම රීසර්ච් එකක් කරපන්.ඇත්තටම ඔයාට මොනව ද පුලුවන් කියලා.උබට මුකුත් බැරි නම් ,උබ මොකකටවත් දක්ශ නැත්නම් වෙන සොලුයුශන් එකකට යන්න.ඒක මට කියන්න බෑ මේකට යන්න මේක හොදයි කියලා.ඒක වැදගත්.කඩ්ඩ බැරි වෙන්න පුලුවන්.මටත් හරියට බෑ.සමහරක් වචන කියද්දී දිවත් පැටලෙනවා.සයිට් එකක් මේන් ටේන් කරන්න ඔන කමටයි ඒකට ඇඩ්සෙන්ස් ගන්න කන්ටෙන්ට් එකක් දන්න ඕන කමටයි නම් ඔහේ කන්ටෙන්ට් දාන්න එපා.එක හෙන කැත පුරුද්දක් මස්සිනා.

ඔයාට පුලුවන් දේ අදුනගන්න.ඉට පස්සෙ කීවර්ඩ් රී සර්ච් එකකට එන්න.ප්‍රිමියම් ටූල්ස් කිහිපයක් භාවිතා කරන්න.එතනින් හොද කීවර්ඩ් ටිකක් අහුල ගන්න.ඉට පස්සෙ එකට කන්ටෙන් දාන්න.SEO ගැන හිමීට ස්ටඩී කරන ගමන් On-Page SEO Technique දෙවල් කරන්න.Off-page SEO කරන්න.බැරි කමක් නෑ.

Adsense Account එකක් වෙබ් සයිට් එකත් එක්ක ගත්තොත් කොහොම ද?

via GIPHY

මෙතනත් හුගක් අය වරද්දගන්න තැනක්.ඇත්ත කියන්න ඕන රිපෝර්ට් වැදුනට අවුලක් නෑ.එහෙම ගන්න යන්න එපා.රු 10000-20000 අතර ගනන් වලට සයිට් එකත් එක්කම ඇඩ්සෙන්ස් එක විකුනනවා මන් දැකලා තියනවා.මේකයි ඒ සයිට් ලෝන්ග් ටර්ම් කරන්න පුලුවන් එවා නෙවෙ.මොක ද හුගක් එවා හයි කම්පෙටිශන්.ඉතින් රැන්ක් කරන්න කාලයක් යනවා.ඒක නිසා එහෙම ගන්න එපා කියලයි මන් කියන්නෙ.එවයින් ඉන්කම් එකක් ගන්න පුලුවන් නම් වෙබ් සයිට් එකත් එක්ක ඇඩ්සෙන්ස් එකවුන්ට් එක විකුනන්න ඕන නෑ නේ.

Buy Odex.lk web design and seo course
Advertisment

කිසිම අයිඩියා එකක් නෑ නේ,ෆට්ට බෝරින්ග්

via GIPHY

මේකට හොද සොලුයුශන් එකක් අරන් ආව.මුලින්ම කම්පෙටිටර් කෙනෙක් තියාගන්න.ඒ කම්පෙටිටර් සයිට් එකෙ ෆුල් රිපොර්ට් එකක් Ahref ටූල් එක භාවිතා කරලා ගන්න පුලුවන්.බලන්න එයාල යූස් කරපු කිවර්ස්.Link Building කරපු විදිය.ඒ රිපොර්ට් එක හොදට ඇනලයිසිස් කරලා බලන්න.Compare කරලා බලන්න ඔයා ඉන්න තැන.වැඩ කරන්න මහන්සි වෙන්න.

*****

ඉතින් පෝස්ට් එක මෙතනින් නවත්වනවා.ඉගාව පෝස්ට් එකෙන් බැක්ලින්ක් හදන විදිය ගැන කියලා දෙන්නම්.ඒ පෝස්ට් එක වැටෙන්න ටික කාලයක් යයි.එතකන් ටච් එකේ ඉන්න.පොස්ට් එක හොද නම් ශෙයාර් පාරක් දාන් ෆීඩ්බෑක් එකකුත් දෙන්න අමතක කරන්න එපා.එහෙනම් ජය.

Please rate this


Like it? Share with your friends!

Tweet.lk

තාක්ෂනය කියන්නේ දිනෙන් දින අලුත් වන දෙයක්. විවිධ පැතිකඩ ඔස්සේ යාවත්කාලින තොරතුරු ඔබට පළමුවෙන් ම සහ ඉතා විස්තරාත්මකව සිංහලෙන්ම ලබා දෙන වෙබ් අඩවියකි.

0 Comments

Your email address will not be published. Required fields are marked *